27 April 2024
#දේශීය

චොකාට මන්ත්‍රී වෙන්න මරණ දඬුවම ප්‍රශ්නයක් නෙවෙයි

මරණ දඬුවම නියම වී බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය  ‍පේ‍්‍රමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දිය හැකි බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක  සඳහන් කරයි.

පාර්ලිමේන්තු මහ ලේකම් සඳහන් කරන ආකාරයට මේ වනවිට ප්‍රේමලාල් ජයසේකරගේ නම මැතිවරණ කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ගැසට් කර තිබේ.

එසේම ප්‍රේමලාල් ජයසේකර  රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් දෙවැනියට වැඩිම මනාප ලබාගෙන ජයග‍්‍රහණය කර ඇත.

2015 වසරේ දී සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු කරමින් රත්නපුර මහාධිකරණ විසින් ඔහුට මරණ දඬුවම නියම කර තිබේ.

කෙසේ නමුත් ඔහුට පාර්ලිමේන්තු සැසිවාර වලට ලබාගැනීම සඳහා අධිකරණයෙන් අවසර ලබා ගත යුතුව තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *