26 July 2024
#සංවර්ධන

ග්‍රාම ශක්ති වැඩසටහන නව මුහුණුවකින් – රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා කියයි

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන ග්‍රාම ශක්ති වැඩසටහන අධ්‍යනය කිරීමෙන් පසු එහි පවතින ගැටළු රාශියක් හදුනාගත් බැවින් හා විවිධ පාර්ශව වලින් ලැබුණු පැමිණිලි, අදහස් හා යෝජනා අනුව ග්‍රාම ශක්ති වැඩසටහන නව මුහුණුවකින් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(20) දින සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී හමුවු අවස්ථාවේදීය.

ග්‍රාම ශක්ති වැඩසටහන තුළ ගැටළු රාශියක් පවතින් බැවින් දැටන ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් වලට අමතරව නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකරන බවත් විශේෂයෙන් ක්ෂද්‍ර මුල්‍ය ණය ලබාගැනීමේදී පවතින සංකීර්ණ ගිණූම් තැබීමේ ක්‍රියාවලිය පිළිබද නැවත සමාලෝචනයක් සිදුකළ යුතු බව හෙතෙම පැවසීය.

ග්‍රාම ශක්ති වැඩසටහන තුළින් දිළිදු පවුල් නගා සිටුවීමට සහ නිෂ්පාදන ගම්මාන බිහි කිරීම තුළින් ග්‍රාමීය ව්‍යවසායකින් නගා සිටුවමන් ජාතික ආර්ථිකය ශක්තිමත් කළ හැකි වූවත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ගැටළු රාශියක් පවතින බැවින් මෙම වැඩසටහන නව මුහුණුවරකින් ඉදිරියට ගෙන යාමට සැලසුම් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ග්‍රාම ශක්ති වැඩසටහන ගම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමේදී සිය නිලධාරීන් විවිධ ගැටළුවලට මුහුණ දෙන බවත් පවතින සංකීර්ණතා අවම කර දෙන මෙන් සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිස මෙහිදී ඔහු ඉල්ලා සිටියේය.

පසුගිය රජය විසින් ග්‍රාම ශක්ති වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකල බැවින් මෙම වැඩසටහන කෙරෙහි පැවති ජනතා ප්‍රසාදය අඩුවෙමින් පවතින බැවින් නිසි ක්‍රමවේදයක් තුළ නව නාමයකින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙස සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින ලදි.

දැනට පවතින ගැටළු හා අඩුපාඩු දින 03 ක් ඇතුළත තමා වෙත ලිඛිතව ලබා දෙන ලෙසත් එම සංක්ෂිප්ත වාර්තා ඇතුළුව අදාළ සංගමයේ දිස්ත්‍රික් මට්ටමින් නියෝජිතයින් සමග ජනාධිපතිවරයා හමුවී සාකච්ජා කිරීමට කටයුතු කරන බව ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා වැඩිදුරටත් මෙහිදී පැවසීය.

 

දිලිනි සමන්මලි 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *