27 April 2024
#දේශීය

උපාධිධාරින්ගේ වගකීම රජය භාරගන්නවා – රාජ්‍ය ඇමැති ෂෙහාන්

උපාධිධාරීන් රැකියා විරහිතව මහ පාරේ කාලය ගත කිරීම වෙනුවට ඔවුන්ට රැකියා ලබා ගත හැකි අධ්‍යාපන ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතු බවත් එතෙක් රැකියා අපේක්ෂිත උපාධිධාරීන්ගේ වගකීම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ රජය භාර ගන්නා බවත් සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) අනුරාධපුරේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා, මාර්තු මස 01ට පෙර රැකියා ලබා දීම ආරම්භ කරනවා. සියලුම රාජ්‍ය සේවයකන්ට නිරන්තර පුහුණු වීම්, විදේශ රටවල ක්‍රියාත්මක පුහුණු ක්‍රමවේදයන් හදුන්වා දී කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපේක්ෂා කරන අතර ඔවුන්ට ද මෙමගින් සිය රාජකාරි පහසුවෙන් ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව හිමි වෙනවා.

 

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *