27 July 2024
#දේශීය

ගුවන් තොටුපළ විවෘත කිරීම දින නියමයක් නැතුව කල් යයි

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු කටුනායක බණ්ඩාරනායක  ජාත්‍යන්තර ගුවන් තොටුපොල යළි විවෘත කිරීම දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන බව වාර්තා වෙයි.

මෙරට ජාත්‍යන්තර ගුවන් තොටුපළ  අගෝස්තු මස පළමු වැනිදා සිට ගුවන් තොටුපොල විවෘත කිරීමට මීට පෙර තීන්දු කර තිබිණ.

එහෙත් එම තීරණය වෙනස් කර ඇති අතර ඒ සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දක්වමින් 

විදේශ සබඳතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පවසා ඇත්තේ  ශී‍්‍ර ලංකාවේ තත්ත්වය පමණක් නොව සෙසු රටවල කොරෝනා තත්ත්වයද මෙහිදී සැළකිල්ලට ගෙන අදාළ තීරණය ගෙන ඇති බවය.

කෙසේවෙතත් මේ වනවිටත් ගුවන් තොටුපොල විවෘත කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකරමින් ඇති බවත් ඔහු පවසා ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *