27 April 2024
#ක්‍රීඩා

හිස්වූ ක්‍රිකට් උප සභාපති ධූරයට ජයන්ත ධර්මදාස

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව  උප සභාපති ලෙස ජයන්ත ධර්මදාස පත් කර ඇත.

ඒ  කේ. මතිවානන් ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් සිදුවූ පුරප්පාඩුව පියවමින් ය.

 මෙම පත් කිරීම  ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සිදුකර ඇත්තේ එහි  විධායක කමිටුව ඒකමතිකව ගත් තීරණයට අනුව බවත් වාර්තා වෙයි.

සිය ඉල්ලා අස්වීම පිළිබද හේතු ලෙස කේ. මතිවානන් පවසා තිබුණේ වත්මන් පරිපාලනය විනිවිදභාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් තමා ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

නමුත් ක්‍රිකට් ආයතනය පවසන්නේ  ඔහුට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට විධායක කමිටුව තීරණයක් ගෙන තිබියදී ඔහු තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *