27 July 2024
#දේශීය

ඩයමන්ඩ් ප්‍රින්සස් නැවෙන් ශ්‍රී ලාංකීකයින් දෙදෙනා ඉවත් කර ගනි

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනා එම නෞකාවෙන් ඉවත් කර ගැනීමට යෙදු ප්‍රයත්නය සාර්ථක වු බව විදේශ සබඳතා අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලාංකා රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, ජපානයේ යොකොහාමා හි ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයන් ඉන්දියානු රජය විසින් සංවිධානය කරන විශේෂ ගුවන් යානයක් මඟින් ඊයේ ( 26) ඉන් ඉවත් කර නවදිල්ලි නුවර වෙත ගෙන ගොස් තිබේ. ජපානයේ ශ්‍රී ලාංකා තානාපති කාර්යාලයට අනුව, මෙම ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනා යහපත් ශරීර සෞඛ්‍යයකින් පසුවෙති.

මෙම සංචාරක නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් 124 දෙනෙකු ඉන් ඉවත් කර ගෙන ඇති අතර ඔවුන් ඉන්දියාවේ හර්යානාහි යුධ හමුදා කඳවුරේ නිරෝධායන කාල සීමාවක් ගත කිරීමට නියමිතය.ඉන්දියාවේ නිරෝධායන ක්‍රියාවලිය නිම කිරීමෙන් අනතුරුව, මෙම ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනා ආපසු කොළඹට පැමිණීමට නියමිත බව විදේශ සබඳතා අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *