27 July 2024
#දේශීය

තඹ සතයක් වටින්නේ නැති කෙනෙක්ට මම සල්ලි වියදම් කරලා මඩ ගහන්නේ නෑ

රටක් සංවර්ධනය කරනවා යැයි ජනතාවට මුදල් ණයට දීලා ඔවුන්ව ණය බරට තල්ලු නොකළ යුතු බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (31) පස්වරුවේ කොළඹ 11, ඕල්කට් මාවතේ පොදු වෙළද සංගමයට ඇතිවී තිබෙන ගැටළුකාරී තත්ත්වයන්ට විසදුම් ලබාදීම සදහා පැවති නිරීක්ෂණ චාරිකාවට එක්වෙමිනි.

පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව රටේ ඇතිවූ අනාරක්ෂිත තත්ත්වයන් හමුවේ, ඕල්කට් මාවතේ සිදුවෙමින් පැවති වෙළදාම් වලට තාවකාලික තහනමක් ක්‍රියාත්මක කිරීමට පොලීසියට සිදුවිය. මේ වනවිට එම අස්ථාවර තත්ත්වයන් පහව ගොස් ඇති බැවින්, එසේ ක්‍රියාත්මක කිරීමට යෙදුන තාවකාලික තහනම ඉවත්කර, වෙළද සංගමයට ඇතිවී තිබෙන අපහසුතාවන් ඉවත් කිරීමට පොලීසිය සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බව, මෙහිදී අමාත්‍ය කරුණානායක මහතා එකගත්වය පළකළේය.

මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා, “ අපි බොහොම සෘජුයි. දවසින් දවස අපි වෙන වෙන තාල තියන්නේ නැහැ. එක එක්කෙනා එහෙ මෙහෙ කෑගැහුවට අපේ තීරණ වෙනස් වෙන්නේ නැහැ. ජයග්‍රහණය කරන්න පුළුවන් සුදුසු පුද්ගලයෙක් අපි නියම වෙලාවට ඉදිරිපත් කරනවා. නමුත් තවමත් අපි පක්ෂයෙන් කිසිදු කෙනෙක් සම්බන්ධයෙන් තීන්දුවක් අරගෙන නැහැ මුහුණුපොතේ එක් මන්ත්‍රීවරයෙක් ප්‍රකාශයක් කරලා තිබුණා මම එතුමාට මඩගසන්න ලක්ෂ 03 ක් වියදම් කරලා කියලා. තඹ සතයක් නොවටින කෙනෙක්ට මඩගහන්න ඇයි මම වියදම් කරන්නේ. ඒ කියන අය තමයි එහෙම දේවල් කරන්නේ. එයාලා ඒ දේවල් කරලා හිර වුණාම, අනිත් අයට පද හදනවා. මේ වගේ විලිලැජ්ජා නැති කතා කියන අය එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා කියන එක වසර 25 ක් තිස්සේ පක්ෂය රැකගත්ත අපිටත් ලැජ්ජාවක් යැයි පැවසීය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *