27 April 2024
#දේශීය

මුදල් සොරකමක් සම්බන්ධයෙන් අයුතු ලෙස පුද්ගලයෙකු සිරකරගෙන සිටි තිදෙනෙකු අත්අඩංගුවට

බණ්ඩාරගම, කොස්වත්ත ප්‍රදේශයේ පහරදී පුද්ගලයෙකු අයුතු ලෙස සිර කරගෙන සිටින බවට පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත විමර්ශන සිදු කර නිවසක පහරදී අයුතු ලෙස සිරකරගෙන සිටි පුද්ගලයෙකු පානදුර රෝහලට ඇතුලත් කර තිබේ.

මෙලෙස තුවාල ලැබු පුද්ගලයාව අයුතු ලෙස සිරකරගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ පැහැර ගැනීමට යොදා ගත් වෑන් රථය සහ රියදුරු ඊයේ (31) දින බණ්ඩාරගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කරන ලදී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 38, 42, 51 වයස්වල පසුවන බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. තුවාලකරු සේවය කළ ස්ථානයේ මුදල් සොරකමක් සම්බන්ධව අයිතිකරු විසින් මෙලෙස තුවාලකරු පැහැරගෙන ගොස් පහරදී අයුතු ලෙස සිර කරගෙන තබාගෙන සිට ඇති බවට පොලිසිය කළ විමර්ශනයේදී අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරගෙන යනු ලබයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (01) දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශනය සිදුකරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *