27 July 2024
#දේශීය

තවමත් ශ්‍රී ලංකාව පාර්ලිමේන්තුක්‍රමය ලොවට පරමාදර්ශයක්- කථානායක

පසුගිය කාලයේ ඇති වූ සිදුවීම්දාමය මෙරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම පිළිබඳව යම් තිගැස්මක් ජනිත කල නමුත්, අවසානයේ සියල්ල ප්‍රජාතන්ත්‍රවාදීව විසදාගැනීමට හැකිවීම ශිෂ්ඨසම්පන්න රටත් ලෙස ලැබූ විශාල ජයග්‍රහණයක් බවත්, පාර්ලිමේන්තු ක්‍රමයේ පරිතන පරමාදර්ශි රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝකය තුල හිමි ගෞරවය එලෙසම පවතින බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

දේශපාලනයෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදය සහ දියුණු සමාජ ක්‍රමයක් වෙනුවෙන් පෙරට පැමිණෙන සිවිල් සමාජ සංවිධාන රටට හිමි එම ගෞරවනීය තත්වය ආරක්ෂා කරන ප්‍රධානතම බලවේගයක් බවද මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ නායකත්වයෙන් පෙරට පැමිණි සිවිල් සමාජ සංවිධාන පුළුල් සමාජ පෙරලියකට මඟපෙන්වීමට සමත්ව ඇති බවද හෙතෙම සඳහන් කලේය.

කරු ජයසුරිය මහතා මේ බව පැවසුවේ පසුගිය (28) සඳුදා ආණමඩුව “සුදම්පාය” ශ්‍රවණාගාරයේදී පැවැති “ජනඅරගලයට යුක්තිය” උපහාර උළෙලහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි. ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමෙහිලා අරගලයට සහභාගිත්වය දැක්වූ ජනතා නියමුවන්ට උපහර පිදීම සඳහා පුත්තලම දිස්ත්‍රික් සහභාගීත්ව සංවර්ධන පදනම විසින් මෙම ඇගැයීම් උළෙල සංවිධානය කර තිබිනි.

කථානායක කරු ජයසුරිය මහතා වෙනුවෙන් මෙහිදී ප්‍රධානතම උපහාර සම්මානය පිරිනැමුනු අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බංඩාර , ආචාර්‍ය දඹර අමිල ස්වාමීන් වහන්සේ, මහාචාර්‍ය සරත් විජේසුරිය , සිවිල් සංවිධාන වෘත්ති සමිති එකමුතුවේ කැවුම්කරු සමන් රත්නප්‍රිය, ශ්‍රීලංකා ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ජෙහාන් පෙරේරා, ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ රසිකා සෙනෙවිරත්න, සාධු ජනරාව නිර්මාතෘ ජයතිලක බණ්ඩාර,රයිට්ටු ලයිෆ් සංවිධානයේ පිලිප් දිසානායක , ජාතික සාම මණ්ඩලයේ සමන් සෙනෙවිරත්න යන අයවළුන් මෙහිදී සම්මානයට පාත්‍ර වූහ.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ,

“ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කථානායකතුමා ගෙන ගිය සටන කිසි ලෙසකින්වත් පාවා දීමට ඉඩ නොදිය යුතු බව මා දැඩිව විශ්වාසකලා, ඒ නිසා අනුකම්පා විරහිතව ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි බලවේග පරාජය කිරීම සඳහා මා පෙනී සිටියා. ප්‍රජාතන්ත්‍රවාදයත්, නීතියත් ජනතාව සතු අවියයි, එය භාවිතා කිරිමට ජනතාව තුල අව‍බෝධයක් තිබිය යුතුයි හෘද සාක්ෂියට එකඟව නිවැරදි දේ වෙනුවෙන් කරන සටන දුෂ්කරයි, එහි ප්‍රතිඵල ලැබෙන්නේ සෙමින්. නමුත්, සධාරණත්වය සඳහා වූ සටන නියත ලෙසම ජයග්‍රහණය කරනවා”.

මෙහි දී අදහස් දැක්වූ මහාචාර්‍ය සරත් විජේසුරිය මහතා

“ජනාධිපතිවරයා‍ බලඅරගලයට කොටස්කරුවෙකු නොවිය යුතු බවත්, අප විශ්වාස කරනවා, ඒ නිසාමයි ව්‍යවස්ථාවෙන්ම ජනාධිපති ධුරය උත්තරීතර තැනක රදවා තිබෙන්නේ සෝභිත නා හිමියන් පොදු අපේක්ෂකයෙක් බිහි කිරිමෙන් නිර්මාණය කරන්න අපේක්ෂා කලේ එවන් ජනාධිපති ධුරයක් බව අප මතක තබා ගත යුතුයි.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *