27 July 2024
#වෙනත්

දකුණු පළාතේ දෑත් සේදීමේ පහසුකම් සපයයි

කොරෝනා වෛරසය රටපුරා ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් බද්දේගම නගරයේ ‘‘දෑත් සේදීමේ පහසුකම් සහිත ස්ථාන කිහිපයක් ස්ථාපිත කිරීම අද (17) දින සිදු කෙරිණි.

ඒ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී සහ පාර්ලිමේන්තු අපේක්ෂක ආචාර්ය පූජ්‍ය බද්දේගම සමිත හිමිගේ ප‍්‍රධානත්වයෙන් සහ බද්දේගම ප‍්‍රාදේශීය ලේකම් නීතිඥ ජානක ගුරුසිංහ මහතාගේ සහභාගීත්වයෙනි.

ඒ අනුව බද්දේගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට, බද්දේගම බස්නැවතුම්පොළ ඉදිරිපිට දෑස් සේදීමේ පහසුකම් ඇති කර තිබේ.

බද්දේගම වෙළෙඳ සහ කර්මාන්ත හිමියන්ගේ සංගමය මේ සඳහා දායකත්වය දී තිබේ. එම සංගමයේ නියෝජිතයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

 

ගාල්ල- අමිල මදුශංක

Leave a comment

Your email address will not be published. Required fields are marked *