27 July 2024
#දේශීය

ප්‍රදේශයේ සිදුවන අපරාධ සම්බන්ධව එකීීී ප්‍රදේශ වලට අදාළ පොලිස් ලොක්කන් වගකිව යුතුයි – ආරක්ෂක ලේකම්

තම බල ප්‍රදේශයේ සිදුවන අපරාධ  ඇතුළු දුෂණ ක්‍රියා සම්බන්ධයෙන් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වගකිව යුතු බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි

 ඔහු පවසන්නේ නිල ඇඳුමේ ගෞරවය ආරක්ෂාකර ගැනිමට පොලිස් නිලධාරින් වගකීමෙන් කටයුතු කළ යුතු බවය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ  ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මුල් තැන දී ඇත්තේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බවත් ඒ සඳහා සිය රාජකාරි කටයුතු නිවැරදිව ඉටුකළ යුතු බවත් ආරක්ෂක ලේකම් පැවසීය.

නිලධාරින් බොහොමයක් නිවැරදිව සිය රාජකාරි සිදුකරන නමුත් ඇතැම් පිරිස් සම්බන්ධයෙන් තමා කනගාටුවන බවත් ඔහු පැවසීය.

එමෙන්ම පොලීසියට පැමිණිලි කළද එයින් ප්‍රතිඵලයක් නොමැති බව සඳහන් කරමින් මහජනතාවගෙන් තමන්ට ලිපි ලැබෙන බවත් එවැන්නක් සිදු වන්නේ නම් එවැනි නිලධාරින්ගෙන් වැඩක් නැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
 

Leave a comment

Your email address will not be published. Required fields are marked *