27 April 2024
#දේශීය

TNA වැඩ ගැන අගමැතිගෙන් විවේචනයක්

දෙමළ ජාතික සන්ධානය උතුරේ ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම වෙනුවට දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් පමණක් කටයුතු කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  පවසයි.

ඒ අද (01) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී දෙමළ මාධ්‍යවේදීන් සමග පැවති සාකච්ඡාවකදීය.

එසේම අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ තම රජය සමයේ සිදුකළ සංවර්ධන ව්‍යාපෘති හැරුණු කොට පසුගිය යහපාලන රජය උතුරු – නැගෙනහිර ජනතාව වෙනුවෙන් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකළ බවය.

රටේ සංවර්ධනය සහ ජන ජීවිතය නංවාලීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී උතුර සහ දකුණ ලෙස කිසිදු වෙනසක් නොමැති බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

1977 වසරෙන් පසුව උතුරු, නැගෙනහිර පළාත්වල 2005 – 2010  කාලයේ දී සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළ බව අග්‍රාමාත්‍යවරයා මෙහි දී සඳහන් කර සිටියේය.

එමෙන්ම එම පළාත්වල ජන ජීවිතය යහපත් තත්ත්වයට පත් කිරීමට සැලසුමකින් යුතුව ආණ්ඩුව කටයුතු කළ බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිහිපත් කර ඇත.

උතුරේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන පානීය ජල ගැටලුව විසඳීම සඳහා තම රජය ප්‍රමුඛතාව ලබාදෙන බව සඳහන් කර ඇති අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා සැලසුම් සකස් කර ඇති බව ද සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *