27 July 2024
#දේශීය

ප්‍රභූ වාහන ගමන් කිරීමේදී ජනතාවට පාර අවහිර කරන්න එපා – ජනපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙස්

ප්‍රභූ වාහන ගමන් කිරීම සඳහා මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා දැමීම කිසිදු අයුරකින් සිදු නොකළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (21) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ප්‍රභූ ආරක්ෂක රථ ගමන් කිරීමේ දී මාර්ග වසා තැබීම හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව අදාළ ප්‍රභූවරුන්ගේ ආරක්ෂක අංශ නිලධාරින් මේ පිළිබඳ දැනුවත් කරන ලෙසත්, සාමාන්‍ය ජනතාවට කිසිදු අයුරකින් අවහිරයක් ඇති නොවන අයුරින් ප්‍රභූ රථ ධාවනය කිරීමට ඔවුන්ට උපදෙස් නිකුත් කරන ලෙසත් වැඩිදුරටත් අදාළ අංශ දැනුවත් කොට තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *