27 July 2024
#දේශීය

ප්‍රසන්න…. භාරතගේ මිනිය විකුණන්න එපා – හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්

භාරත ලක්ෂන්ගේ ඝාතනය විකුණාගෙන තමන්ගේ පටු දේශපාලනය කටයුතු සිදු නොකරන ලෙස ප‍්‍රසන්න සොලංගාරච්චි හට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

ඇය අද (11) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ප‍්‍රසන්න සොලංගාරච්චි විසින් පසුගියදා පොස්ටර් අලවා ඇති අතර එහි තමාගේ පියාගේ මෙන්ම දුමින්ද සිල්වාගේ රුපයද යොදා ඇති බවයි. මේ වන විට ගෝඨාභය රාජපක්ෂ හට සහාය දැක්වීමට ප‍්‍රසන්න සොලංගාරච්චි ගොස් ඇති බවත් ඔහු විසින් වහල්කම් කිරීමට ගියද එම ක්‍රියාවන් සඳහා තමාගේ පියාගේ ඡායාරූපය භාවිත නොකර ලෙස ඇය අවධාරණය කර සිටියේය. තමන්ගේ පියාව ඝාතනය කරන ලෙස පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ බවත් තමා එය නොබියව පවසන බව ඇය අනාවරණ කළේය. තමා කිසිවිටකත් එය පැවසීමට බිය නොවන බව ද හිරුණිකා මන්ත්‍රීවරිය කියා සිටියාය.

කෙසේ වෙතත් එදා තමාගේ පියා එලෙස ඝාතනය වුයේ තමාගේ පවුලේ අය ජිවත් කිරීමට ගොස් සිටියදී නොවන බවත් ප‍්‍රසන්න සොලංගාරච්චි විසින් දුරකතන ඇමතුමක් ලබා දී තමාගේ පියාව එම අරගල ස්ථානයට ගෙන්වා ගැනීම තුළින් බවත් එම ඝාතනයට ඍජුවම ගෝඨාභය රාජපක්ෂ මෙන්ම දුමින්ද සිල්වා ද වගකිව යුතු බව ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියේය.

මේ වන විට සෝලංගාරච්චි විසින් තමාගේ පියාගේ මිනිය විකුණාගෙන කන තත්ත්වයට පැමිණි ඇති බවත් එය සිදු නොකරන ලෙස ඇය අවධාරණය කළේය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *