27 April 2024
#දේශීය

ගෝඨාභය ට එරෙහිව මඩ පත්‍රිකා බෙදූ, හර්ෂ ද සිල්වාගේ ලේකම් රක්ෂිත බන්ධනාගාරයට…

එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය හර්ෂ ද සිල්වා ගේ සම්බන්ධීකරණ නියෝජිකයෙක් ඇතුළු පිරිසක් ඊයේ දිනයේ දී අත්අඩංගුව ගනු ලැබූයේ මිරිහාන ප්‍රදේශයේ දී ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ට අපහාස වන ලෙස මුද්‍රණය කළ අත් පත්‍රිකා තොගයක් බෙදාබෙදාහිමින් සිටිය දී අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා ගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ඇතුළු දෙදෙනෙක් එසේ අත්අඩංගුවට ගත්තේ ප්‍රදේශවාසීන් ගේ පැමිණිල්ලක් මතය. එම පිරිස අද රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ දැන්වීම් අතර තිබුණු එම පත්‍රිකා තොගය හමුවූයේ නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ නිවෙස් වෙත බෙදාහරිමින් තිබියදී.

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් ඊයේ(10) නුගේගොඩ විජේරාම ප්‍රදේශයේ මුද්‍රණාලයක් ද සෝදිසි කළේය. ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ට අපහාස වන ලෙස පත්‍රිකා මුද්‍රණය කරන බවට ලද පැමිණිල්ලකට අනුව එසේ සෝදිසි කළේ ය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නියෝජ්‍ය නගරාධිපති ප්‍රේමලාල් අතුකෝරාළ, නාගරික මන්ත්‍රි විරාජ් වික්‍රමනායක සහ මහරගම හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර යන මහත්ම මහත්මීන් විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

අනතුරුව නියෝජ්‍ය නගරාධිපතිවරයා සහ නාගරික මන්ත්‍රිවරයා නුගේගොඩ මිරිහාන ප්‍රෙද්ශයේ පෞද්ගලික මාර්ගයේ ඔස්සේ ගමන් කරන්නේ එහි නිවාස වෙත මෙම අත් පත්‍රිකා බෙදා දෙන බවට ලැබුණු තවත් තොරතුරක් මතයි.

එහිදී එම අපහාස පත්‍රිකා බෙදාහරිමින් සිටි පුද්ගලයෙකු හමුවිය.

එහිදී දැකගත හැකිවන්නේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ පත්‍රිකා අතර තබා ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන ලෙස පත්‍රිකාද බෙදා දෙන අයුරුයි.

කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රිවරයෙකු පිළිබඳ හෙළි කළේය.

එම ස්ථානයට එම හිටපු නාගරික මන්ත්‍රිවරයා ද පැමිණෙන අතර එහිදී හෙළි වන්නේ ඔහු කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ අමාත්‍යාංශයේ වත්මන් සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බවයි.

සිද්ධියෙන් පැය භාගයකට පමණ පසුව එම ස්ථානයට මිරිහාන පොලිසියේ නිලධාරීන් පැමිණෙන අතර සැකකාර පුද්ගලයන් පොලිසිය වෙත රැගෙන යන්නේ මගී බස් රථයක නංවාගෙනයි.

මිරිහාන පොලිස් ස්ථානයට කෝට්ටේ නගරාධිපති නීතීඥ මධුර විතානගේ මහතා ද පැමිණ සිටි අතර ඔහු චෝදනා කළේ පොලීසිය මේ සම්බන්ධයෙන් කාර්යක්ෂමව ක්‍රියා නොකළ බවයි.

ප්‍රශ්න කිරීමවලින් පසු අත් පත්‍රිකා බෙදූ පුද්ගලයා සහ අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා අත්අඩංගුවට ගැනුණි.

* සටහන : අකලූෂ විද්‍යාතිලක

Leave a comment

Your email address will not be published. Required fields are marked *