27 July 2024
#දේශීය

පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීමට බැරිනම් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි

පාස්කු ප‍්‍රහාරයට දින සියයක් පිරෙන මේ අවස්ථාවේදී එම ප‍්‍රහාරයට හේතුව හෝ සොයා ගැනීමට නොහැකි වත්මන් ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ අද(31) පෙරවරුවේ කොළඹ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදු ජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී ඇය සඳහන් කළේ පාස්කු ප‍්‍රහාරයෙන් අසරණ වූ ජීවිත වලට සාධාරණය ඉටු කිරීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බවයි.

පාස්කු ප‍්‍රහාරය සිදු වූ කාලය තුළදී රටේ නීති සංශෝධනයට ලක්කළ යුතු බවට වත්මන් ආණ්ඩුව විශාල හඬක් නැගුවත් අද වන විට ඊට අදාල කිසිදු නීතියක් හෝ සම්මත කරගැනීමට ආණ්ඩුව අසමත් වී තිබෙන බව ඇය අවධාරණය කළේය.

පාස්කු ප‍්‍රහාරය සිදු වූ දිනවල දී මේ පිළිබඳ විවිධ කොමිෂන් සභා පත් කළ ද අද වෙන තෙක් එම කොමිෂන් සභා වාර්තා ජනතාවට ඉදිරිපත් කිරීමට හෝ වත්මන් ආණ්ඩුව පියවර ගෙන නැති බවත් ප‍්‍රහාරය සිදු වන බව දැන දැන ම එය වසන් කළා සේ ප‍්‍රහාරයෙන් පසුව ද සියලූම සිදුවීම් වසන් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අනාවරණ කළේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *