27 April 2024
#දේශීය

රන්ජන්ගේ ප්‍රකාශයට අගමැතිගේ විරෝධය

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් කැළණිය රජමහා විහාරාධිපති ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් සමාජ ජාල වෙත නිකුත් කර ඇති විඩියෝවේ සඳහන් කරුණු ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ රන්ජන් රාමනායක මහතා විසින් කැළණිය රජමහා විහාරාධිපති ස්වාමින් වහන්සේ පිළිබඳ සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර ඇති විඩියෝව බොහෝ පිරිස් විසින් තමාගේ අවධානය යොමුව ඇති තිබේ.

කැළණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපතිවරයා ලෙස ඒ් විඩියෝවේ සඳහන් කරුණු තමා ප්‍රතික්ෂේප කරන බව අග්‍රමාත්‍යවරයා විසින් නිකුත් කළ නිවේදනයේ සදහන් වේ. රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධව විමර්ශනයට පත් කරන ලෙස කමිටුවට අදාළ විඩියෝව යොමු කරන බව අග්‍රාමාත්‍යවරයා එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *