27 July 2024
#සංවර්ධන

බර්ටි දිසානායක රංග ශාලාව හිටපු ඇමැති දුමින්දගේ නිරික්ෂණයට

ජනතා අයිතියට පත් කිරීමට නියමිත අනුරාධපුර බර්ටි දිසානායන රංග ශාලාව හා පුහුණු ආයතනයෙහි ඉදි කිරිම් කටයුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා විසින් පසුගියදා නිරීක්ෂණය කරනු ලැබීය.

උතුරු මැද පළාත වෙනුවෙන් අපරිමිත මෙහෙයක් කළ දිවංගත උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය බර්ටි ⁣ප්‍රේමලාල් දිසානායක මහතාගේ නමින් අනුරාධපුර කොරකහවැව ඉදිවන අනුරාධපුර විශාලතම රංග ශාලාව හා පුහුණු ආයතනයෙහි ඉදි කිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතියි.වායූ සමනය කළ රංග ශාලාව සුව පහසු ආසන 1000 කින් සමන්විත වන අතර එය නවීන තාක්ෂණික පහසුකම් වලින් සමන්විත වේ.

මෙම අංග සම්පූර්ණ රංග ශාලාව මහල් 03 කින් සමන්විත අතර, එම ගොඩනැගිල්ලෙහි ඉදි වෙන පුහුණු ආයතනය මහල් 05 කින් සමන්විත වේ.

රුපියල් කෝටි 100 කට වැඩි මුදලක් මෙම ගොඩනැගිල්ල සදහා වෙන් කර ඇති අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් බර්ටි දිසානායන රංග ශාලාව හා පුහුණු ආයතනය ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *