27 April 2024
#දේශීය

ඇමැති මංගලගේ පාර්ලිමේන්තු දිවියට වසර 30 යි

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 30 ක් සපිරීම වෙනුවෙන් පවත්වනු ලබන උත්සවය අද (28) පස්වරු 3.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

එම උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වනුයේ ජාත්‍යන්තර කීර්තිධර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු එක්සත් ජනපද තානාපතිනී සැමැන්තා පවර් මහත්මිය විසිනි.

වසර 1989 දී මංගල සමරවීර මහතා පලමු වතාවට පාර්ලිමේන්තුවට තේරීපත් වීමෙන් අනතුරුව බොහෝ ඇමැති ධුර ගණනාවක් දැරු අතරම මාතර පුරවරයේ දියුණුවට විශාල සේවාවක් ඉටුකොට තිබේ.

මෙම සැමරුම් උළෙල සිහිනය වෙනුවෙන් “ඛේමාගේ කොලුවා”නමින් සංවිධානය කොට ඇත.

වසර 1989 සිට මේ දක්වා දකුණේ මාතර දිස්ත්‍රික්කයේ මාතර අසුන නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටින ඔහු, චිර ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ආණ්ඩු පිහිටුවමින්, ආණ්ඩු බිඳ දමමින්, දේශාපාලන ධාරාවේ වෙනස්කම් කළ හැකි චරිතයක් ලෙසය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *