27 July 2024
#දේශීය

බුද්ධි අංශ මේ වන විට එකමුතුව කටයුතු කරන බව යුධ හමුදාපති කියයි

ආරක්ෂක බුද්ධි අංශ මේ වන විට එකමුතුව ගමනක් යන්නට ප්‍රතිසංවිධානය වී ඇති බව යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අද(31) දින සාක්ෂි ලබා දීමට පැමිණි යුධ හමුදාපතිවරයා කියා සිටියේ මෙම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශන පැවැත්වෙන බවයි.

එසේම ආරක්ෂාව අතින් රටක් වශයෙන් මෙම ප්‍රශ්ණයේදී අපගේ රටේ පිහිටිම, විදේශ රටවලින් එල්ලවන බාධාවන් සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කරන බව ද හෙතෙම පැවසිය. කෙසේ වෙතත් මේ වන විට සෑම අඟහරුවාදා දිනකම පැවැත්වෙන බුද්ධි අංශ රැස්වීමේදී, ආරක්ෂක කවුන්සිලයේදී මෙම ප්‍රශ්ණය සම්බන්ධයෙන් එකමුතුව කටයුතු කරන බව ඔහු පැවසීය.

බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කිරීම සඳහා අවශ්‍ය අඩුපාඩුකම් හා මඟ හැරුණු දේ හදුනා ගෙන ඇති බව යුද හමුදාපතිවරයා කියා සිටියේය. ජාතික බුද්ධි අංශ මට්ටමකට රටේ බුද්ධි අංශය ගෙන ඒමට තව කාලයක් යනු ඇති බව ඔහු අනාවරණ කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *