27 July 2024
#දේශීය

මගේ ක්‍රමය වෙනස් … රටට සුභවාදී දේවලට සහාය උපරීමව ලබා දෙනවා -රාජ්‍ය අමාත්‍ය දුමින්ද

තමාගේ වැඩපිළිවෙල වෙනස් බවත්, එය ලෝකයා සමඟ යන ගමනක් බවත් ඒ සඳහා සියළු දෙනාගේ සහයෝගය අවශ්‍ය බව තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

තරුණයෙකු වශයෙන් තරුණ කටයුතු අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය ධුරයේ අද (05) දින වැඩ භාරගත් අවස්ථාවේදී දුමින්ද දිසානායක මහතා කියා සිටියේ මේ රටේ තරුණ පිරිස් එක්කොට තරුණ්‍යයේ පරිවර්තන යුගයක් ඇති කල යුතු බවයි.

ඒ සඳහා වැඩපිළිවෙලක් ඇති බවත් එය ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව හෙතෙම පැවසිය. මේ වන විට රටේ සිටින තරුණයින් දේශපාලන වශයෙන් කලකීරිම් ඇතිව ඇති අතර එම තත්ත්වය තුරන් කල යුතු බව ඔහු කියා සිටියේය. රටක් ඉදිරියට යාමට නම් සිස්ටම් එකක් අවශ්‍ය බවත් එය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සතුව ඇති බව දිසානායක මහතා අවධාරණය කළේය. ඔහු උදාහරණයක් පෙන්වා දෙමින් කියා සිටියේ මෙරට කුණු ප්‍රශ්ණය පසුගිය දිනවල බහුලව පැවැතිව ඇති අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වී කෙටි කාලයේදීම එම කුණු ප්‍රශ්ණය විසදු බවයි.

ලැබුණු තනතුරු කිසි දෙයක් ගෙනියන දේවල් නොවන අතර එය තාවකාලික දේවල් බවත් ඉන්නා කාලයේදී හොඳ දේ පමණක් කලයුතු බව ද දිසානායක මහතා අවධාරණය කළේය.එසේම දේශපාලනය කරන විට පිල් බෙදුනට දිනපු අය විදිහට රට වෙනුවෙන් ඉටු කල යුතු යුතුකම් කල යුතු අතරම පැරදුන අය වශයෙන් රට අරාජිකත්වයට පත් නොකර දිනපු අයට ඊරිෂ්‍යයා නොකර රට ඉදිරියට යන්න කටයුතු කල යුතුය.
එමෙන්ම මේ වන විට තරුණ පරපුර හිතන දේ සංවාද ඇති කල යුතු දේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඉදිරියේදී ඒ පිළිබඳව තමා මැදිහත් වී කටයුතුකරන බව හෙතෙම පැවසිය.

මෙම මාධ්‍ය හමුවේදී TTVnews.lk වෙබ් අඩවිය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගෙන් ජනාධීපතිවරණයට පෙර පොරොන්දු වු ආකාරයේ කැබිනට් අමාත්‍ය ධුර නොලැබීම සම්බන්ධයෙන් විමසා සිටියේය. එයට පිළිතුරු ලබා දුන් දුමින්ද මහතා කියා සිටියේ රටක් දිනවන වැඩපිලිවෙල තමාගේ සහාය දුන් බවත් තනතුරුවලට නොවන බවයි. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ අතර අත්සන් කල ගිවිසුමට අනුව අදාල කටයුතු ඉටු වනු ඇති අතර ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමේ වැඩපිළීවෙලක් මිසක් ලාභ ප්‍රයෝජනය ගැනීමේ වැඩපිලිවෙලක නොසිටි බවයි.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ වෙනස් සිදු නොවන අතර ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී ඉදිරිපත් වන්නේ කෙසේ යන්න පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරන බව දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *