27 April 2024
#විදෙස්

LTTEයට අරමුදල් රැස්කළ දොළොස්දෙනෙකු ට ස්විස් අධිකරණයකින් නිදහස…

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) ට අරමුදල් රැස්කළ බවට චෝදනා නගමින් ස්විට්සර්ලන්ත අදීකරණය හමුවට පමුණුවා සිටි දොළොස් දෙනෙක්ගෙන් යුතු පිරිසක් නිදහස් කිරීමට ස්විට්සර්ලන්ත අධිකරණයක් විසින් පියවර ගෙන තිබේ.

LTTE සංවිධානය තවදුරටත් අපරාධ පංවිධනයක් නොවන බව පවසමින් මෙම තීන්දුව ලබා දී ඇත. 

ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණයක් විසින් මෙම තීන්දුව ලබා දී ඇත්තේ එරට නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගොනුකළ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුවය.

1999 හා 2009 කාලය තුල එරට වෙසෙන පිරිසක් විසින් විමුක්ති කොටි සංවිධානය ප්‍රවර්ධනය වෙනුවෙන් අරමුදල් රැස් කළ බවට ඔවුන්ට චෝදනා ගොනුකර තිබුණි. ගෝලීය දමිළ සහයෝගිතා කමිටුව හරහා මෙම අරමුදල් රැස්කොට තිබුණි.

සටහන : අකලූෂ විද්‍යාතිලක

Leave a comment

Your email address will not be published. Required fields are marked *