27 July 2024
#දේශීය

මුස්ලිම් ඇමැතිවරු සිය ධුරවලින් ඉවත් වෙයි …. ආණ්ඩුවට පසුපෙළ සිට සහාය දෙයි

පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ අමාත්‍ය ධුර දරන එක්සත් ජාතික පෙරමුණේ මුස්ලිම් අමාත්‍යවරුන් සිය ධුරවලින් අද දිනයේදී ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ සමීපතමයෙකු අප වෙත කියා සිිටියේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය (රිෂාඩ් බදුර්දීන් මහතා ) නියෝජනය කරන පක්ෂයේ මන්ත්‍රීවරුන් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (රවුෆ් හකීම් අමාත්‍යවරයා) නියෝජනය කරන පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙලෙස සිය ධුරවලින් ඉවත් විමට තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත් ඔවුන් ආණ්ඩුව නියෝජනය කරමින් ආණ්ඩු පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

රට තුළ පැන නැගී ඇති තත්ත්වය හමුවේ මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන්ට මෙන්ම අමාත්‍යවරුන්ට විරෝධතාවය පලවීමත් සමඟ මෙවැනි තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *