27 July 2024
#දේශීය

රට පුරා දේශපාලන පලිගැනීම් උග්‍රවෙලා : මහින්ද රාජපක්ෂ කියයි…

වත්මන් රජය කාලයක සිට ප්‍රතිවාදී දේශපාලනඥයින් ට අභූත චෝදනා නගමින් සිරගත කරන්නට ද පියවරගත් බවත්, අද වන විට රට දේශපාලන පළිගැනීම්වලින් පිරීගොස් ඇති බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ(29) පස්වරුවේ මඩකලපුවේ දී පැවැති ජනරැලියකට එක්වෙමිනි.

දේශපාලන නායකයින් සිරගත කර, සමහරුන්ට ඇප ලබා නොදෙන තත්ත්වයක් උදාකර ඇතැයි ද පැවසු මහින්ද රාජපක්ෂ මහතා, එවැනි බොහෝ දේ සිදු කරමින් දේශපාලන පළිගැනීම් සිදු කරන බව කියා සිටියේය.

වත්මන් ආණ්ඩුව රටට හෝ ජාතියට වැඩ නොකළ බවද පැවසු මහින්ද රාජපක්ෂ මහතා, ටී.එන්.ඒ නායකයෝ විසින් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටිමින් ආණ්ඩුව රැක ගත් බවත් පැවසීය.

අද වන විට සියලු දෙනා එකතු වී සටන් කරන බවත් කියා සිටි විපක්ෂ නායකවරයා, ගොවි ජනතාවට ඔප්පු ලබා දීමේ වගකීම තමා බාර ගන්නා බවත් කියා සිටිය්ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *