27 April 2024
#දේශීය

සජිත් දිනුවත් මමයි අගමැති : රනිල් වික්‍රමසිංහ කියයි…

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස යම් හෙයකින් ජනාධිපති වුවහොත්, එම රජයේ අග්‍රාමාත්‍යවරයා වන්නේ ද  තමන් බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අද (30) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍යහමුවකදි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

සජිත් පේමදාස මහතාගෙන් මාධ්‍යයන් විසින් තමන්ගේ අගමැතිවරයා විමසන අවස්ථාවලදී ඔහු විසන් මේ පැනයට පිළිතුරු දීම මගහැරයන ආකාරය සුලබ අවස්ථා වී ඇත. එවන් තලයකදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන් ඉදිරියේෙදීත් අගමැති බව පැවැසීම විශේෂත්වයකි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *