කුරුණෑගල ක්‍රියාත්මක “කුරුණෑගලට නවෝදයක්” යටතේ සිදුවන සංවර්ධන ව්‍යාපෘතීන් වලට අමතරව වත්මන් රජය විසින් ක්‍රියාත්මක කර ඇති ගම්පෙරලිය සංවර්ධන සංග්‍රාමය 2019 ව්‍යාපෘතිය යටතේ ද සංවර්ධන කටයුතු ආරම්භ කර එම ව්‍යාපෘතීන් මහජනතාවගේ අයිතියට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අවසන් කර ඇත.
ජනතා බලයක් ලබා දී පාලන තන්ත්රය සඳහා මහජනතාව මහජන නියෝජිතයන් පත් කර ගනු ලබන්නේ සංවර්ධන කටයුතු සිදු කර ගැනීම සඳහා බව රාජ්‍ය අමාත්‍ය අශෝක මහතා කියා සිටියේ. එසේම සියලුම දේශපාලනඥයින්ගේ වගකීම තමයි දිවා රෑ නොබලා ඒ ගැන වෙහෙස වී කටයුතු සිදු කිරීම බව හෙතෙම පැවසිය.
කුරුණෑගල ආසනයේ සංවර්ධන කටයුතු හැකි උපරිම අයුරින් සිදු කරගෙන යනු ලබන අතර වාරයේදී රජය විසින් මෙම ගම්පෙරලිය ව්‍යාපෘතිය සිදු කළ බවත් ඔහු කියා සිටියේය.
ඒ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා මෙසේ අදහස් පල කර සිටියේය “එය ඉතාම කාලෝචිත ව්‍යාපෘතියක් බැවින් මා කල සියලුම ව්‍යාපෘති ඉල්ලීම් වලට මුදල් අනුමත වුණා. ඉන් පසු මාගේ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් හරහා එම ව්‍යාපෘතීන් අධීක්ෂණය කරමින් ලබා දී ඇති කාල සීමාවට පෙර තියා ඒවා අවසන් කර ගැනීමට මට හැකි වුණා. “ගම්පෙරලිය සංවර්ධන සංග්‍රාමය 2019 ව්‍යාපෘතිය” යටතේ මට කුරුණෑගල ආසනයට ග්‍රාමීය මාර්ග 85ක් සඳහා රුපියල් ලක්ෂ 1080කට අධික මුදල් ප්‍රතිපාදන වෙන් කරවා ගැනීමට හැකි වීම කුරුණෑගල ආසනයේ ජනතාවගේ භාග්‍යක් ලෙස මම හිතනවා. කෙටියෙන් කියනවා නම් හැම ක්‍රියාවකටම දැඩි සේ උනන්දුවක් ඇත්නම් එම කටයුතු සරලව පහසුවෙන් කර ගත හැකි බව මා හොඳින් දන්නා කරුණක්. ඉතිං කුරුණෑගල කඩිනම් සංවර්ධනයේ රහස එය බව කියන්න කැමතියි ” යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.