27 July 2024
#දේශීය

විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න – ජනපති

කාලගුණ විපර්යාස මත වැසි ලැබුණ ද විදුලිබලය නිෂ්පාදනය කරනු ලබන ජලාශවල ජල ධාරිතාව විශාල වශයෙන් ඉහළ ගොස් නොමැති හෙයින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.

දෛනික විදුලිබල අවශ්‍යතාවය කප්පාදුවකින් තොරව සැපයීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

එමෙන්ම දෛනික විදුලි බල අවශ්‍යතාවය අඛණ්ඩව සැපයීම වෙනුවෙන් විකල්ප බලශක්ති උපයෝගිකර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *