27 April 2024
#විදෙස්

ජපානයේ නව අධිරාජයා ලෙස නරුහිතෝ කුමරු පත් වෙයි

නරුහිතෝ කුමරු , ජපානයේ නව අධිරාජයා ලෙස නිල වශයෙන් වැඩ භාරගැනීම ඊයේ (01) සිදු වු බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ වෙනුවෙන් සාම්ප්‍රදායික උත්සවයක් පවත්වා ඇති අතර නව අධිරාජ්‍යයා පත්වීම පිළිබද ජපාන ජනතාව ප්‍රීති උත්සව පැවැත් වු බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේය.

ජපානයේ 126 වැනි අධිරාජ්‍යයා ලෙස නරුහිතෝ කුමරු දිවුරුම් දුන්නේ, ජපානයේ හිටපු අධිරාජ්‍යයා වූ අකිහිතෝ අධිරාජ්‍යයාගේ වයස්ගත තත්ත්වය සහ අසනීප තත්ත්වය සැලකිල්ලට ගනිමින් කිරුළ අත්හැරීම ජපානයේ ටෝකියෝ අගනුවර ඉම්පීරියල් මන්දිරයේදීයි නිල වශයෙන් ඊයේ සිදුකිරීමෙන් අනතුරුවයි.

පැවැත්වූ නිල උත්සවය සදහා රජ පවුලේ සියළුදෙනා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින් සෝ අබේ මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් එක්ව සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *