27 July 2024
#දේශීය #පුවත්

විපක්ෂයේ ගැලරිය පිනවීමට කියන කතා විධිමත් සාකච්ඡා මේසයකට ගැලපෙන්නේ නෑ – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

ආර්ථික ආර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ක්‍රියාත්මක කර ඇති වැඩසටහන පිළිබඳ විධිමත් සාකච්ඡාවක් පැවැත්වීමට තිබූ ස්වර්ණමය අවස්ථාව විපක්ෂය මග හැරගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ගැලරියේ ජනතාව පිනවීමට ඉදිරිපත් කරන වැඩපිළිවෙළක් නොමැති යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන විධිමත් සාකච්ඡා මේසයට වලංගු නොවන බව විපක්ෂය දන්නා බවයි.

එබැවින් මෙම ස්වර්ණමය අවස්ථාව ඔවුන්ට මග හරින්නට සිදු වූ බව අමාත්‍යවරයා සඳහන් කරයි. කෙසේ වෙතත් විපක්ෂයට අවශ්‍ය නම් තවත් සාකච්ඡාවක් ලබා දීම සඳහා රජය සූදානම් බව සේමසිංහ මහතා අවධාරණය කරයි.

කෙසේ වෙතත් විපක්ෂය සාකච්ඡා මේසයට පැමිණීම සඳහා ඉල්ලා සිටින වෙළෙඳපොළ සංවේදී නොවන තොරතුරු ලබා දීමට රජය සූදානම් බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ සංවේදී තොරතුරු ලබා දීම මගින් එක් පාර්ශ්වයකට වාසියක් සේම තවත් පාර්ශ්වයක් අගතියට පත් වීමට සේම වෙළෙඳපොල කෘතිමව පාලනය වීමට හේතු විය හැකි බවයි.

විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මෙම සාකච්ඡා මේසයට සහභාගී වීම සඳහා කැමැත්තෙන් සිටිය ද අදාළ පක්ෂවල පොදු තීරණවලට අනුව සහභාගී වීමට නොහැකි වූ බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

සේමසිංහ මහතා අවධාරණය කළේ ආර්ථිකමය වශයෙන් දැඩි අර්බුදයට පත් වූ අවස්ථාවේ දී සහය දීමට ඉදිරිපත් නොවූ විපක්ෂයට මේ මොහොතේ හෝ ඊට සිය විකල්ප ඉදිරිපත් කරමින් හෝ සහභාගී වීමට තවදුරටත් අවස්ථාව ඇති බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *