• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අතරමග නැවතී ඇති සියලූම සංවර්ධන යෝජනා ක්‍රම පෙබරවාරි මාසයේදී අරඔනවා – ඇමැති බන්දුල

20 January 2024
in දේශීය, පුවත්
අතරමග නැවතී ඇති සියලූම සංවර්ධන යෝජනා ක්‍රම පෙබරවාරි මාසයේදී අරඔනවා – ඇමැති බන්දුල
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ විදෙස් ණය හිමියන් සමඟ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අවසන් ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මාසයේ සිට සියලූම සංවර්ධන යෝජනා ක්‍රම ආරම්භ කරන බව ප්‍රවාහන,මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මාර්ග සංවර්ධනය සඳහා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල සභාපති මන්ත්‍රීවරයාට රුපියල් මිලියන 150ක් වෙන් කර ඇති අතර කුඩා මාර්ග සංවර්ධනය සදහා ග්‍රාමීය කටයුතු ආමාත්‍යංශය හරහා ද රුපියල් මිලියන 50ක් වෙන් කර තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රවාහන,මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ” මෙම අභියෝගාත්මක වසරේ අදායම සහ වියදම සම්බන්ධයෙන් අප වැඩි අවධානයක් යොමු කළ යුතුයි. 2022 වසරේ රජයේ සම්පූර්ණ බදු ආදායම රුපියල් බිලියන 1,751යි. ඉන් රුපියල් බිලියන 1265ක් එනම් 72%ක් රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් සදහා වැය කෙරෙනවා. එමෙන්ම සමෘද්ධි සහ දිළිදු ජන කොටස් සදහා රුපියල් බිලියන 506ක් වැය කර තිබෙනවා. මෙම කාර්යයන් දෙක වෙනුවෙන් වියදම් කිරීමෙන් පසු බදු ආදායම අවසන් වනවා. ඒ වගේම අප විසින් ලබාගත් ණය වෙනුවෙන් පොලිය ගෙවිය යුතුයි. රුපියල් බිලියන 1,065ක් පොලිය ගෙවීම සදහා වැය කළ යුතුයි. එමෙන්ම ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 715ක් ණයට ගෙන වැය කර තිබෙනවා. ලංකා ඉතිහාසයේ නිදහසින් පසු වසර 05ක් හැරුණු විට මෙරට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තබා ගැනීමට සමත් වී නැහැ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සෘජු සහ වක්‍ර බදු මගින් රුපියල් බිලියන 1,550ක් උපයා තිබෙනවා. රේගු දෙපාර්තමේන්තුව ආනයන අපනයන රේගු බදුවලින් රුපියල් බිලියන 922ක් උපයා තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 169ක් උපයා තිබෙනවා. මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 20ක් උපයා තිබෙනවා. බදු නොවන ආදායම් මඟින් රුපියල් බිලියන 219ක් උපයා තිබෙනවා. ත්‍යාග හා ප්‍රධාන වශයෙන් රුපියල් බිලයන 16ක් ලැබී තිබෙනවා. විවිධ තැන්පතු මඟින් රුපියල් බිලියන 303ක් උපයා තිබෙනවා. ඒ වගේම ජනතාවගෙන් සහ සියලූම ක්‍රමෝපායන්ගෙන් රුපියල් බිලියන 3,201ක් 2023 වසරේ දී භාණ්ඩාගාරයට ලැබී තිබෙනවා. එය 2022 වර්ෂයට වඩා විශාල ප්‍රගතියක් බව පැවසිය හැකියි. 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ දී අය භාරය රුපියල් බිලියන 1,000 කින් පමණ වැඩි වී තිබෙනවා. නමුත් ඊට වඩා වැඩි වේගයකින් වියදම් වැඩි වී තිබෙනවා. රාජ්‍ය සේවක වැටුප්, සමෘද්ධි සහ අස්වැසුම ඇතුළු සහනාධාර සඳහා රුපියල් බිලියන 2,160ක් වැය කර තිබෙනවා. පොලිය පමණක් රුපියල් බිලියන 2,263ක් ගෙවා තිබෙනවා. 2023 වසරේ දී රජය පවත්වාගෙන යාම සඳහා රුපියල් බිලියන 4,394ක් වැය කර තිබෙනවා. එය වසරේ රාජ්‍ය අදායම රුපියල් බිලියන 3,201ක් වනවා. ඒ නිසා රාජ්‍ය එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් ආදායමක් 2023 වසරේදී ද ලැබී නැහැ. නමුත් 2023 වසරේ දී රුපියල් බිලියන 7,727ක් ණය ආපසු ගෙවීම සිදුකර තිබෙනවා. රුපියල් බිලියන 8,898ක් ප්‍රාග්ධන වියදම් සහ ණය ආපසු ගෙවීම් සඳහා වැය කර තිබෙනවා. රුපියල් බිලියන 13,292ක් මහා භාණ්ඩාගාරයෙන් පිටට ගොස් තිබෙනවා. නමුත් රජයට ලැබී ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 3,201ක් පමණයි. රජය 2023 වර්ෂය අවසානය වන විට රුපියල් බිලියන 10,091ක් ණය වශයෙන් ගෙන ගොස් තිබෙනවා. භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැදුම්කර හරහා දේශීය වශයෙන් මෙම ණය ගෙන තිබෙනවා. එසේම 2024 වර්ෂය සදහා ණය හිමියන් සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගත කොට අවසන් ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු පෙබරවාරි මාසයේ සිට සංවර්ධන යෝජනා ක්‍රම ආරම්භ කරනවා. මෙම වසරේ මං මාවත් පිළිසකර කිරීම සඳහා ලෝක බැංකු ණය ආධාර යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක ණයක් ලබා දී තිබෙනවා. එමෙන්ම සෞදි අරමුදලින් නැගෙනහිර පළාතේ මංමාවත් පිළිසකර කිරීම සහා මුදල් ආධාර ලැබී තිබෙනවා. මේ පවතින දුෂ්කරතා යටතේ වුව ද දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල සභාපතිවරුන්ට විශාල මුදලක් වෙන් කර තිබෙනවා. ඒ යටතේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල සභාපති මන්ත්‍රීවරයාට මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 150ක් ලබා දෙනවා. ඒ වගේම කුඩා මාර්ග සංවර්ධනය සදහා ග්‍රාමීය කටයුතු ආමාත්‍යංශය ද රුපියල් මිලියන 50ක් ද වෙන් කර තිබෙනවා. විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ තිබෙනවා. අතර මග නතර වී ඇති සියලූ සංවර්ධන කටයුතු පෙබරවාරි මාසයේ සිට ආරම්භ කරනවා යැයි අමාත්‍යවරයා පැවසිය.

Post Views: 103
Previous Post

ජනපති, විපක්ෂයේ මන්ත්‍රිවරු බිලිබා ගන්න හදනවා – විපක්ෂ නායක සජිත්

Next Post

උගන්ඩාවේ පැවැත්වවන NAM අමාත්‍ය රැස්වීමට සමගාමීව විදේශ අමාත්‍යවරුන් හමුවක්

editor ttvnews

editor ttvnews

Next Post
උගන්ඩාවේ පැවැත්වවන NAM අමාත්‍ය රැස්වීමට සමගාමීව විදේශ අමාත්‍යවරුන් හමුවක්

උගන්ඩාවේ පැවැත්වවන NAM අමාත්‍ය රැස්වීමට සමගාමීව විදේශ අමාත්‍යවරුන් හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025
යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

19 May 2025
අනුදි Miss World Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට

අනුදි Miss World Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට

19 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

19 May 2025

Recent News

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025
යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

19 May 2025
අනුදි Miss World Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට

අනුදි Miss World Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට

19 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025
යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved