27 April 2024
#දේශීය #පුවත්

උගන්ඩාවේ පැවැත්වවන NAM අමාත්‍ය රැස්වීමට සමගාමීව විදේශ අමාත්‍යවරුන් හමුවක්

NAM අමාත්‍ය මණ්ඞල රැස්වීමට සමගාමීව උගන්ඩාවේ විදේශ අමාත්‍ය හමුව සඳහා මෙරට නියෝජනය කර විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සහභාගි වී ඇත. මෙය උගන්ඩාවේ කම්පාලා නුවරදී පැවැත්වෙන NAM 19 වැනි සමුළුව සඳහා සහභාගී වීමට එරටට ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍යවරුන් පිරිසක් සහභාගී විය.

මෙම හමුව සඳහා උගන්ඩාවේ විදේශ අමාත්‍යවරයා වන ජෙනරාල් Odongo Jeje මහත්මා, කෙන්යා වෙි විදේශ හා ඩයස්පෝරා කටයුතු පිළිබඳ අමාතය Musalia Mudavadi මහත්තමා, මාලදිවයින් වි⁣දේශ කටයුතු අමාත්‍ය Moosa Zameer මහත්මා, ඇල්ජීරියා විදේශ කටයුතු අමාත්‍ය Ahmed Attaf මහත්තමා, ඝානාවෙි විදේශ කටයුතු සහ කලාපීය ඒකාබද්ධතා අමාත්‍යවරිය වන Shirley Ayorkor Botchwey මහත්මිය, පාකිස්තානවේ විදේශ කටයුතු අමාත්‍ය අබ්රබාස් ජිලානි මහත්තමා හා රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වන Vershinin Sergey Vasilievich මහත්තමා ආදී මෙරට වැදගත්වන විදේශ අමාත්‍යවරැන් රැසක් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

⁣මෙම සාකච්ඡාවේදී එම රටවල් සමග නව ආර්ථික සහයෝගීතාවයන් ගොඩනගා ගැනීම, පවත්නා වෙලද⁣ සහයෝගීතාවය තවදුරටත්ත ශක්තිමත් කිරීම හා අප්‍රිකානු කලාපය සමඟ වෙලද⁣ සහ ආර්ථික සබඳතා වැඩිදියුණු
කර ගැනීම, එම රටවල ශ්‍රී ලංකා ව්‍යාපාර සම්බන්ධතා ශක්තිමත් කිරීම ආදී ද්විපාර්ශ්වික වශයෙන් අතිශය වැදගත් සාකච්ඡා කිහිපයක් පැවැත්වින.

Leave a comment

Your email address will not be published. Required fields are marked *