27 April 2024
#දේශීය #පුවත්

ජනපති, විපක්ෂයේ මන්ත්‍රිවරු බිලිබා ගන්න හදනවා – විපක්ෂ නායක සජිත්

රටේ බදු මුදල් වියදම් කර ලෝක සවාරි යන්න ජනාධිපතිවරයා විසින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පවා ආරාධනා කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව කියා සිටියේ අද (19) සක්වල වැඩසටහනේ 70 වැනි අදියර යටතේ කැස්බෑව මඩපාත ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරන ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

ආණ්ඩුවේ රාජ්‍ය ආදායම වැඩ කර ගැනීම සඳහා අයි.එම්.එෆ්. එක කිව්වා කියා වැට් බදු ඇතුළු බදු අධික ලෙස වැඩි කර තිබියදී පාසල්වල පරිගණක නොමැති තත්ත්වයක් උදා වී තිබියදී රටේ ජනාධිපතිවරයා පරිපූරක ඇස්තමේන්තුවක් හරහා රටේ ජනතාවගේ බදු මුදල් රුපියල් ලක්ෂ 2000ක් උපයෝගී කර ගෙන විදේශ සංචාර යන බවත් බංකොලොත් රටේ මහජනතාව හාමතේ සිටින විට ජනාධිපති ප්‍රමුඛ රජය සුරසැප විඳින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ බදු මුදල් වියදම් කර ලෝක සවාරි යන්න ජනාධිපතිවරයා විසින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පවා ආරාධනා කළ බවත් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මෙන්ම පාර්ලිමේන්තු නිලධාරීන් පවා කතා කරමින් මෙවැනි ආරාධනා සිදු කරන බවත් පාසල් දූදරුවන්ට හරිහැටි අධ්‍යාපන උපකරණ නොමැතිව දුක්විදින මොහොතක ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ පාර්ලිමේන්තුවේ නිලධාරීන් උපයෝගී කර ගෙන විපක්ෂයේ මන්ත්‍රීවරු බිලි බා ගැනීමට ජනාධිපතිවරයා උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *