ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමක් මඟින් පසුගිය දා අත්අඩංගුවට ගන්නා ලද රුපියල් මිලියන 2509 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 250 ග්‍රෑම් 996ක තොගය (ඇසුරුම් බර සහිතව) රැගත් විදේශීය ධීවර යාත්‍රාව සහ විදේශීය ජාතික සැකකරුවන් 06 දෙනා අද (15) කොළඹ වරාය වෙත රැගෙන එන ලදි.
එය නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.
ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා එක්ව ශ්‍රී ලංකා නාවික නෞකා සයුර ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව ජාත්‍යන්තර මුහුදේ දින ගණනාවක් ආවේක්ෂණය කරමින් සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී ගොඩබිම සිට නාවික සැතපුම් 900ක පමණ දුරින් (කිලෝ මීටර් 1665ක් පමණ) ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු විදේශීය ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කරන ලදී.
එහිදී එම බහුදින යාත්‍රාවේ සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ උර නවයක් (09) තුළ පැකට් 225ක් ලෙස අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 250 ක ග්‍රෑම් 996ක පමණ (ඇසුරුම් බර සහිතව) තොගයක් සොයා ගැනීමෙන් අනතුරුව, එම විදේශීය බහුදින ධීවර යාත්‍රාව සමඟ එහි සිටි විදේශීය ජාතික සැකකරුවන් 06 දෙනා අත්අඩංගුවට ගන්නා ලදි. ඒ අනුව, එලෙස අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය රැගත් විදේශීය ධීවර යාත්‍රාව සහ විදෙස් ජාතික සැකකරුවන් 06 දෙනා අද (15) උදෑසන ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාවේ ආරක්ෂාව යටතේ කොළඹ වරාය වෙත මෙලෙස රැගෙන ඒමට කටයුතු කෙරිණි.
තවද, මීට පෙර නාවික හමුදා බුද්ධි අංශය, අනෙකුත් බුද්ධි සේවාවන් හා එක්ව ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින් මෙම වර්ෂයේ (2021) අගෝස්තු මස 30 වන දින හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 290 ග්‍රෑම් 200ක පමණ තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක්ද, සැප්තැම්බර් 04 වන දින හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝ 336යි ග්‍රෑම් 300ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය බහු දින ධීවර යාත්‍රාවක් සහ සැප්තැම්බර් 10 වන දින හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 170 ග්‍රෑම් 866ක තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ තවත් විදේශීය බහු දින ධීවර යාත්‍රාවක්ද අත්අඩංගුවට ගන්නා ලදී.
ඒ අනුව, 2021 වර්ෂයේ මේ දක්වා නාවික හමුදාව විසින් සිදු කරන ලද මත්ද්‍රව්‍ය වැටලීම් මඟින් හෙරොයින් මත්ද්‍රව්‍ය පමණක් කිලෝ 1268 ග්‍රෑම් 826ක පමණ තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇති අතර, එම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් බිලියන 12.26කට අධික වෙතැයි විශ්වාස කෙරේ.
තවද, මත්ද්‍රව්‍ය මෙරටින් පිටුදැකීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව දේශයේ ප්‍රථම ආරක්ෂක වළල්ල ලෙස තම රාජකාරිය නොපිරිහෙලා ඉටුකරමින් ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදු කරනු ලබයි.
පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකළ මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද විදේශ ජාතික සැකකරුවන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර නොමැති අතර, අත් අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය, විදේශීය ජාතික සැකකරුවන් සහ විදේශිය බහුදින ධීවර යාත්‍රාව සම්බන්ධ ඉදිරි නීතිමය කටයුතු සහ වැඩිදුර විමර්ෂණ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කිරීමට නියමිතව ඇත.
Foreign fishing vessel held with heroin valued at over Rs. 2509 million street value and its suspects brought ashore
A special operation mounted by the Navy in international waters south of Sri Lanka recently, led to intercept a fishing vessel of foreign origin carrying about 250kg and 996g (including packages) of heroin with 06 suspects. The consignment of illegal drugs valued at over Rs. 2509 million street value and the 06 foreign suspects were brought to the port of Colombo this morning (15th December) by Sri Lanka Navy. Defence Secretary, General (Retd) Kamal Gunaratne and Commander of the Navy, Vice Admiral Nishantha Ulugetenne were also present at the Colombo harbour to inspect the apprehended haul of narcotics.
Based on information received, Sri Lanka Navy, in coordination with the Police Narcotic Bureau, launched this special operation in international waters. Accordingly, SLNS Sayura deployed for this dedicated operation, managed to intercept a suspicious fishing vessel of foreign origin in international waters about 900 nautical miles (about 1665km) off southern coast and searched the vessel. The search made way to the recovery of 09 sacks containing 225 packages of heroin weighing about 250kg and 996g (including packages) from the vessel. The operation also led to the apprehension of 06 foreign suspects aboard. Accordingly, the consignment of illegal drugs, the fishing vessel and 06 suspects were brought to the port of Colombo this morning (15th December) under the escort of SLNS Sayura.
In recent anti-drug operations conducted by Sri Lanka Navy on high seas a local multiday fishing vessel carrying 290kg and 200g of heroin was seized on 30th August 2021. Similarly, the Navy intercepted another foreign fishing vessel carrying over 336kg and 300g of heroin on 04th September. Yet again, a foreign fishing vessel with 170kg and 866g stocks of heroin was held on 10th September, as a result of Navy’s continuous anti-drug operations. These operations were conducted by the Navy Intelligence in collaboration with the State Intelligence Service.
Accordingly, Sri Lanka Navy has been able to net in over 1268kg 826g of heroin alone in its major anti-drug operations thus far in year 2021 and the gross street value of the heroin seized is believed to be over Rs. 12.26 billion.
Further, Sri Lanka Navy – the country’s First Line of Defence is committed to coordinating with other law enforcement authorities, to carry out anti-drug operations of this nature in order to eradicate the drug menace from society.
The operation was conducted adhering to COVID-19 protocols in force to prevent possibilities of the transmission of the pandemic. The identity of the foreign suspects apprehended in this operation has not yet been confirmed. Onward investigations and legal proceedings into the incident will be carried out by the Navy and Police Narcotic Bureau.