27 April 2024
#දේශීය

බැසිල් ගියේ පුංචි නිවාඩුවකට බුද්ධික වික්‍රමාදර කියයි

බැසිල් රාජපක්ෂ මහතා පුංචි නිවාඩුවකට රට ගියේ බවත් නැවතවතාවක් එතුමා මේ රටට පැමිණෙන බව ශ්‍රි ලංකා ‌පොදුජන පෙරමුණේ නියෝජිත බුද්ධික වික්‍රමාදර මහතා පවසයි.

ඒ් මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි බුද්ධික වික්‍රමාදර මහතා මෙසේ අදහස් පල කලේය ” ආණ්ඩුවක් විදිහට 2/3 ට වඩා වැඩි බලයක් තියෙන පක්ෂයක් විදිහට කිසිම කෙනෙක්ගෙන් පලි ගැනීමක් සිදු කළේ නෑ කියන එක ඔබ දන්නවා. මේ විපක්ෂය රටත් එක්ක පළිගැනිමේ කාරණාවක් සිදු කරන්නේ. විශේෂයෙන්ම අයවැය ඉදිරි වසරේදි නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් වැඩපිළවෙළවල් සිදු කරලා තිබෙනවා. 2/3 බලයක් තිබෙන දක්ෂ ආණ්ඩුවක් තිබෙන්නේ . මේ ආණ්ඩුවට කොයිවෙලාවකවත් අවශ්‍ය නෑ නිවැරදි ආකාරයක යන දෙයක් වෙනස් කරන්න. කවදාවත් මේ ආණ්ඩුව කොමිසම්වලට බයේ හෝ පාර්ලිමේන්තුව අවසන් කළේ නෑ. ජනාධිපතිතුමාගේ බලතල අනුව අලුත් ආර්ථිකයක් වෙනුවෙන් අලුත් අයවැයක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ අයවැය 2/3 වඩා වැඩි ප්‍රමාණයකින් සම්මත වෙලා තිබෙනවා. ඒ සම්මත වෙච්ච අයවැය හැම ගමකටම ලබා දීමේ අරමුණෙන් හා ඒ අයවැය තුළින් මේ රටේ ආර්ථිකය නිර්මාණය කිරීමේ අරුමුණෙන් තමයි පුංචි කාලයකට කාරක සභාව සහ අනෙක් සියලු දේ එක්ක සම්බන්ධ පාර්ලිමේන්තුව කල් තබලා තිබෙන්නේ. පාර්ලිමේන්තුව ජනවාරි 18 වනදා පටන් ගන්න කොට රාජාසන කතාව එක්ක අපිට අලුත් රටකට අලුත් ගමනකට යන විදිහ නරඹන්න හැකියාව ලැබෙයි. කාටවත් බයේවත් කිසිදෙයක් මඟ අරින්නවත් මේ රට මේ ආණ්ඩුව කවදාවත් කටයුතු කරලා නෑ. ඒ වගේම අපි අනුමත නොකළ පොහොර මේ රට ගේන්න අවසර දිලා නෑ. රජයක් විදිහට චීන රජයත් සමඟ සමගියෙන් කටයුතු කරමින් මේ දෙකම කළමනාකරණය කරගෙන නීතියට අනුව වැඩ කටයුතු කිරීමක් සිදුවෙලා තිබෙන්නේ. නිවැරදි ආකාරයෙන් අපිට ලැබෙන පොහොරයි අපි ගන්නේ. යුදගනවි ගිවිසුම සම්බන්ධයෙන් කතා කරන හැමවෙලාවකම පැහැදිලි කරලා අපි දිලා තිබෙනවා. මෙහි බලාපොරොත්තුව මොකක් ද කියලා තිබෙනවා. නීතිමය වශයෙන් සියලුම දේ ගැන රජය වගකියනවා. මේ කිසිම තැනකදි කොයිවෙලාවකවත් ජනතාවගේ වගකීමෙන් මිදෙන්නට කටයුතු කරලා නෑ. බැසිල් රාජපක්ෂ මැතිතුමා පුංචි නිවාඩුවකට රට ගියේ. නැවතවතාවක් එතුමා මේ රටට පැමිණෙනවා. සියලු දේවල් සැලසුම් කරලා ක්‍රියාත්මක කරන්නට කටයුතු සංවිධානය කරලා එතුමා රටින් බැහැර ගියේ.”යනුවෙන් මෙහිදි සඳහන් කළෝය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *