27 April 2024
#දේශීය

පක්ෂය ශක්තිමත් කරන්න නිරන්තරයෙන් කැපවෙනවා – ශ්‍රී ලනිප ජාතික සංවිධායක දුමින්ද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවත් ඒ අනුව පක්ෂ යාන්ත්‍රණය සකස් කිරීම හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ ආයතන නිර්මාණය කීරීම සිදු කරමින් පවතින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ් මහතා අද (15) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසුවේ සිය පක්ෂය ශක්තිමත් කිරීමේ වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් නොව සෑම පක්ෂයටම පැවරී ඇති පොදු වගකීමක් බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සිදු කරමින් පවතින්නේ එම වගකීම බව හෙතෙම අවධාරණය කලේය.

යම් ආන්දෝලනාත්මක කාරණයකදී ආණ්ඩුවේ වැඩි බලයක් දරණ පක්ෂය විසින් රටේ තීරණාත්මක අවස්ථාවක දී හවුල්කාර පක්ෂ සමඟ එකඟතාවයකින් යුක්තව ක්‍රියා කළ යුතු බව පෙන්වා දුන් දිසානයක මහතා විසින් තමන්ට සහය දෙන සියළු සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කර එකී පක්ෂවල එකඟතාවය මත කටයුතු ක්‍රියා කිරීමට වග බලාගත යුතු බව ද පෙන්වා දුන්නේය .

එකී වගකීම සාමූහිකව නොදැරීම හේතුවෙන් විවේචන එල්ලකිරීම්, පස්පර අදහස් පළ කිරීම්, විවිධ කණ්ඩායම් බිහිවීම ආදීය සිදු විය හැකි බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා රට වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමේ දී, හවුල්කාර පක්ෂ දැනුවත් කර ඔවුන් සමග කතා බස් කර එම තීන්දු තීරණවලට එළඹීම හා එකඟතාවයන්වලට පැමිණීම ප්‍රධාන පක්ෂයේ වගකීමක් බවද අවධාරණය කළේය .

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *