8 September 2024
#දේශීය #පුවත්

අද ලියුම් එන්නෙත් නැ

තැපැල් සේවකයින් අද (9) දෙවැනි දිනටත් වර්ජනයේ නිරත වනු ඇත.

ඒ, බඳවා ගැනීම් සහ ස්ථිර නොකිරීම් මෙන්ම උසස් වීම් ලබා නොදීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමිනි.

දිවයින පුරා පිහිටි 4700කට අධික තැපැල් හා උපතැපැල් කාර්යාලවලට අනුයුක්තව සේවය කරන තැපැල් සේවකයින් 20,000කට අධික පිරිසක් මෙලෙස වැඩ වර්ජනයට එක්ව සිටිති.

වර්ජනය හේතුවෙන් දිවයින පුරා තැපැල් කාර්යාල 90%ක් වසා දමා ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පැවසීය.

සිය ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබුන හොත් අඛණ්ඩ වර්ජනයකට යොමුවන බව එහි සමකැඳවුම්කරු එච්. ඒ. ආර් නිහාල් පැවසුවේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *