සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (28) මාධ්‍ය හමුවක් පැවැත්වුණා.
ඊට සහභාගි වූ දුෂණ විරෝධි බලවේගයේ කැදවුම්කරු හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා, අදහස් දක්වමින් පවසා තිබුණේ සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතුවීමේ ඉඟි පහළ වී ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ නිරෝෂන් පාදුක්ක මහතා,
සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතුවීමේ ඉඟි පහළ වෙලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා සුව වී පැමිණි පසු දකුණු කඳවුරේ මැද මාවතේ ගමන ගැන අපි තින්දුවක් ගන්නවා.
ඒ වගේම ආණ්ඩුවට පරිපාලනමය හැකියාවක් නැතිනම් , අද්දැකිම් නැතිනම් , ආචාර ධර්ම නැතිනම් ඉදිරියේදී ගෝඨා ටූ එන්න පුලුවන්. තරුණ සේවා සභාවට රට වටේම සිටින තරුණ තරුණියන් එකතු වුණා. එදා තමයි අනුර ගෝ ගම හදන්න අඩිතාලම දැමූවේ. අනුර ගෝ ගම දැන් ක්‍රමක් ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. කෙසේ නමුත් එය ශ්‍රී ලාංකික ජනතාවට අත්විදිමට තිබෙන ඛේදවාචකයක්.‘‘