• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපිට ඕන දණගස්සපු ආර්ථිකය නැවත නගා සිටුවන්නයි – ඇමැති රවි

11 October 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂයේ සියළුම නායකයන් ශ්‍රී ලාංකික අනන්‍යතාවය ආරක්ෂා කරන්න අද එකතුවෙලා තිබෙන අතර එකම නිතියක් තුළින් රටේ බලය විමධ්‍යගත කරලා රට ඉදිරියට ගෙනයන එක තමයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බවත් රට නගාසිටුවන්න අපට තවත් එක් වතාවක් ඔබගේ විශ්වාසය ලබා දෙන ලෙස විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) පස්වරුවේ ගාලුමුවදොර පිටියේ පැවති එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණය ජය තහවුරු කිරීමේ පළමු රැළිය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා, ” සමහරු අහනවා අපි වසර 05 ක් තිස්සේ මොනවද කළේ කියලා. නමුත් අපට බලය ලැබණ වෙලාවේ විශාල ගැටළු රාශියක් තිබුණා විසදන්න. ඒ නිසා මේ කාලය තුළ අපට අවසන් කරන්න බැරිවුණ සියලු දෙයක්ම නොවැම්බර් 16 න් පස්සේ ඉටුකරනවා. මේ තරුණ තරුණියන් තමයි අපේ අනාගතය. සම්පත. ඒ නිසා ඔවුන්ගේ හැකියාවට රැකියාවක් ලබාදීලා, ඔවුන් තුළින් රට නගාසිටුවන්න අපට තවත් එක් වතාවක් ඔබගේ විශ්වාසය ලබාදෙන්න. අපේ අගමැතිතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග එක්සත් ජාතික පක්ෂයේ සියළුම නායකයන් ශ්‍රී ලාංකික අනන්‍යතාවය ආරක්ෂා කරන්න අද එකතුවෙලා තිබෙනවා. ඒ නිසා අපි සියලු දෙනාම අත්වැල් බැදගෙන සජිත් ප්‍රේමදාස රටේ ජනාධිපති කරන්න එකතුවෙන්න. අපි රටේ ජනතාවට ණයගැතියි. නොවැම්බර් මාසයේ 16 දා ඔබගේ ශක්තිය තුළින් අපට ලබාදෙන විජයග්‍රහණයෙන් ඒ ණය අපි ගෙවන්න සූදානම් . එක්සත් ජාතික පාක්ෂිකයන් සියලු දෙනාටම එකම පවුලක් ආකාරයෙන් එක්රොක් වෙලා, අත්වැල් බැදගෙන රට ඉදිරියට ගෙනයාමේ හැකියාව ඇති කරලා දුන්නේ අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. අද මේ සියලු දෙනාම එකම වේදිකාවක රැස්වෙලා සිටින්නේ නොවැම්බර් 15 දාට සජිත් ප්‍රේමදාස මැතිතුමාට විජයග්‍රහණයක් ලබාදීම සදහායි. රටේ සෑම කොනකම සාමය, සමගිය, එකමුතුභාවය ඇතිකරන්න තමයි අපේ උත්සාහය. එහෙම නැතිව අපේ ප්‍රතිවිරුධ කණ්ඩායම වගේ කොළඹට එකක් කියලා, මඩකලපුවට තවත් එකක් කියලා, යාපනයට තවත් එකක් කියන නායකයෝ නෙමෙයි අපි ලග ඉන්නේ. එකම නිතියක් තුළින් රටේ බලය විමධ්‍යගත කරලා රට ඉදිරියට ගෙනයන එක තමයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. 2015 ජනවාරි 08 දා අපේ අහිංසක ජනතාව බියෙන් සැකයෙන් ජීවත් වූ යුගය අවසන් කරන්න අපට වරමක් ලබාදුන්නා. ඒ ජනවරම තුළින් අප රට සීග්‍රයෙන් ඉදිරියට ගෙනිහින් එක් දෙයක් ස්ථාපිත කළා. ඒ තමයි වැටිලා තිබුණ ප්‍රජාතන්ත්‍රවාදය. නමුත් වැඩිකලක් යන්නට කළින් ඒ ප්‍රජාතන්ත්‍රතවාදයට 2018 දී කළු පැල්ලමක් එකතුවුණා. ඒ අවස්ථාවේදිත් අපේ ජනතාව එක්වෙලා නැවතත් අපට විජයග්‍රහණයක් ලබාදුන්නා. අද ඊටත් වඩා විශාල සංඛ්‍යාවක් දිවයිනේ සෑම කොනකින්ම මේ ස්ථානයට ඇවිත් තිබෙන්නේ, සජිත් ප්‍රෙමදාස ජනාධිපති කරන්නටයි.

අපට අවශ්‍ය වන්නේ දණගස්සපු ආර්ථිකය නැවත නගා සිටුවන්නයි. ඒ වගේම සියලු ජාතීන් එකම ධජයක් යටතේ එක්රැස් කරලා ඒකීය රටක් වශයෙන් මේ රට සංවර්ධනය කරන්නයි. අවුරුදු 11 ක් ඔවුන් පඩි වැඩි කරනවා කිව්වා. නමුත් අපි ඇවිත් දින 100 ක් ඇතුළත පඩිවැඩි කළා. ඒ වගේම හමුදාවට, පොලීසියට වසර 12ක් තිස්සේ නොලැබුණ වැටුප් වැඩිවීම් ලබාදුන්නා. ජීවන වියදම අඩුකලා. පෙට්‍රල්, ඩීසල්, ගෑස් සියලු දේ මිල අඩුකරලා, රැකී රක්ෂා ඇති කරලා රටේ එක්තැනකට සිමාවි තිබූ සංවර්ධනය රට පුරාම ව්‍යාප්ත කළා. ඉදිරියටත් ඒ ආකාරයෙන් ජනතා සහන සලසන්න අපට නැවත අවස්ථාවක් ලබාදෙන්න “යැයි රවී කරුණානායක මහතා පැවසීය.

Post Views: 1
Previous Post

චංකානෙයි සහ කරෙයිනගර් නිවාස ව්‍යාපෘති ප්‍රතිලාභී අයිතියට

Next Post

රට හදන්න ජනතා වරම ලබා දෙන්න – බැසිල් රාජපක්ෂ

editor

editor

Next Post

රට හදන්න ජනතා වරම ලබා දෙන්න - බැසිල් රාජපක්ෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved