27 April 2024
#දේශීය

රට හදන්න ජනතා වරම ලබා දෙන්න – බැසිල් රාජපක්ෂ

රට හදන්නට පෙර රට හැදීම සඳහා අවශ්‍ය ජනතා වරම ලබා දෙන ලෙස පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඒ් මහතා මේ බව පැවසුවේ අද(11) පෙරවරුවේ ශ‍්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ සහ ශ‍්‍රී ලංකා පොදුජන වෛද්‍ය පෙරමුණේ නව කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේදී අවස්ථාවට එක්වෙමින්.

එහිදී අදහස් දැක් වු බැසිල් රාජපක්ෂ මහතා ” මේ රටේ දේශපාලනඥයින්ට හා වෘත්තීයවේදීන්ට වර්තමානයේ වෙනස හොඳට පේනවා. ඒම නිසා ඔබ සියලූ දෙනා අපේ පක්ෂයට විතරක් නෙවෙයි මුළු රටටම ශක්තියක්. අද රටේ ජනතාව විශ්වාස කරන්නේ දේශපාලනඥයින්ට වඩා වෘත්තීයවේදීන්වයි. ඒම නිසා ඔබ සියලූ දෙනාටම ලොකු වගකීමක් පැවරෙනවා. මොකද රටේ ජනතාව ඔබව විශ්වාස කරන නිසා. ඒ පිරිසගේ විශ්වාසය පලූදු නොවී ඒ විශ්වාසය ආරක්ෂා කරගෙන රට වෙනුවෙන් ඔබට සේවයක් කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.
පළවෙනියෙන්ම රට වෙනුවෙන් ඔබට කරන්න තියෙන රාජකාරිය තමයි ලබන 16 වෙනිදායට තියෙන්නෙ. මුලින්ම රට හදන්න ඉස්සෙල්ලා රට හැදීම සඳහා අවශ්‍ය ජනතා වරම ලබා ගන්න ඕන. ඒ ජනතා වරම ලබා ගැනීම සඳහා මේ ඉදිරි දින කීපය තුල ඔබ සෑහෙන කැපවීමකින් වැඩ කළ යුතු ව තියෙනවා. ඇත්තටම ඔබ දැනටමත් එය සිදුකරනවා. මේ පක්ෂය රටට හඳුන්වා දෙනවිටත් එක පැත්තකින් නව තාක්ෂණය වගේම අනිත් පැත්තෙන් පරිසර හිතකාමී තේමාවක් හ`දුන්වා දෙනු ලැබූවා. ඒ කියන්නේ අපි මෙතෙක් කල් කඩදාසි වලින් කරපු දේවල් නව තාක්ෂණය හරහා කිරිම තුලින් අපිට විශාල ප‍්‍රමාණයකින් පරිසරය ආරක්ෂා කර ගැනීම වැනි යටි අරමුණකුත් තිබුණා. මේ දේවල් වලට අමතරව විශාල වැඩකොටසක් වෘත්තීයවේදීන් වෙන ඔබලාට කරන්න පුළුවන්. මේ 16 වෙනිදායින් පසුව ඔබට මේ රටේ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ අපේක්ෂාවන් ඉෂ්ට කිරීම සඳහා විශේෂ කාර්ය භාරයක් තියෙනවා. නැත්නම් ඔබට සිදුවෙන්නෙත් දේශපාලනඥයින්ට සිද්ධ වුණ දේයි. අපි ඔබගෙන් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න කියලා ඉල්ලමින් ඒ සඳහා අවශ්‍ය පරිපාලන රාමුව සැකසීමේ වගකීම ගන්නවා. අපේ ප‍්‍රතිපත්ති සකස් කිරීමේ සිට ඒ රාමුව තුළ කටයුතු කරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ ඉඳලා වැඩ කටයුතු සිදු කෙරුවා. වෘත්තීයවේදීන්ගේ උපදෙස් අපි ලබා ගත්තා විතරක් නෙවෙයි සෘජුව ඔවුන්ව සම්බන්ධ කරගත්තා. ඒ නිසා මේ කටයුතු සඳහා ඔබට ඉදිරියේදී බිහිවෙන අපේ ආණ්ඩුව යටතේ අපි හොඳ අවස්ථාවක් ලබා දෙනවා. මීට අමතරව වෘත්තිය අංශ කීපයක් අපේ පක්ෂයත් සමග එකතුවෙලා තිබෙනවා. ඒ අයත් මේ වගේම කාර්යභාරයක් කරනවා. මේ වෙලාවේ මම ඒ අයවත් මතක් කරමින් විශේෂයෙන් ශ‍්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ මෙතෙක් කල් කරපු සියලූ දේ අගය කරමින් අද මේ ගන්න පියවරත් අපේ කාර්යභාරයට ලොකු රුකුලක් බව සඳහන් කරනවා. ශ‍්‍රී ලංකා පොදුජන වෛද්‍යවරුන් අපිත් සමග එකතු වීම අගය කරනවා. මේ වෘත්තීයවේදීන් දෙගොල්ලොම එකට ගමන් කරලා අපට සහයෝගය දෙන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙමින් අපේ ගෝඨාභය මැතිතුමාට ජය වේවා කියලා සුබ පතනවා. යැයි බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

 

 

 

 

 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *