ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවතක්සේරු කිරීමක් කරනවා නම් ඒකට මූණ දීමට සුදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එසේම ඉදිරි මැතිවරණවලදී පුටුව ලකුණ යටතේ තරග වැදීමට පසුගිය ජනාධිපතිවරණ සමයේ පැවැති සාකච්ඡාවලදි එකඟතාවයට පැමිණි බව හෙතෙම පැවසිය.
පියදාස මහතා එහිදි කියා සිටියේ ජනාධිපතිවරණයේ දී එකඟතාවය අනුව ඉදිරි මැතිවරණවලදී පොදු ලකුණකින් තරඟ කිරීමටත් එය සුපුරුදු පුටුව ලකුණ බව සාකච්ඡා වු බවයි. ඒ එකඟතා ගිවිසුම තාමත් වලංගු බවත් ඒ පක්ෂ 17ම ඒ මතය බව හෙතෙම අනාවරණ කළේය