• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපේ වේදිකාවේ ඉන්නේ පුද්ගලිකව කිසිවක් බලාපොරොත්තු නොවන අයයි – අනුර දිසානායක

26 July 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කිසිවෙක් මේ වේදිකාවට ගොඩවී සිටින්නේ අපට පුද්ගලිකව කිසිවක් ලබාගැනීමේ අරමුණින් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පැල්මඩුල්ල ආසන සමුළුව අමතමිනි.

එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය ” අපි මාස තුන හතරක කාලයක සිට මැතිවරණයකට සූදානම් වෙමින් ආවා. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කියනවා, “ඡන්දෙ තියන්න සල්ලිත් නැහැ. සල්ලි නැති නිසා ඡන්දයක් නැහැ. සල්ලි තිබ්බත් ඡන්දයක් නැහැ,” කියලා. ඡන්දයක් කියන්නේ ජනතාවගේ ප්‍රධානතම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. තමන් වෙනුවෙන් තමන්ගේ ප්‍රාදේශීය සභා නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, විධායක බලය හෙබවීම සඳහා ජනාධිපතිවරයෙකු පත්කර ගැනීම. මේවා ඉතාමත් වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ. රනිල් වික්‍රමසිංහ මේ කෝචොක් කළේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට. එහෙම කර, විශාල සැලසුම් හදලා, කුමන්ත්‍රණ කරලා, ඡන්දය කල්දැමුවා. මේ ඡන්ද කල්දැමීමට හේතුව ඔවුන් පරාජය වීමම නොවේ. මාර්තු 09දා ඡන්දය පැවැත්වූවා නම්, මෙතෙක් ලංකා ඉතිහාසයේ සිදු නොවූ විශාල දේශපාලන වෙනස්වීමක් සිදුවීමට නියමිතව තිබුණා. ඔවුන් බය වුණේ ලංකාවේ පළමුවෙනි වතාවට පොදු ජනතාව නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරය ජයග්‍රහණය කිරීමට නියමිතව තිබුණු නිසයි. අපරාධකරුවන්, මහජනතාවගේ දේපළ සොරකම් කළ, ඔවුන් බය වෙන්න ඕනෑ.

දැන් ජනාධිපති ඡන්දය පවත්වන්න වගේ අදහසක් සමාජය තුළ යනවා. නමුත් ඡන්දයක් තියන්නේ නැහැ. පොට්ට චාන්ස් එකෙන් ආව රනිල් අවසාන දවස දක්වා ඉන්න උත්සාහ ගන්නවා. ජනාධිපති ඡන්දය තියන්න ඕනෑ, ලබන වසරේ ඔක්තෝබර් 17ට කලින්. ලබන වසරේ ජුලි මාසයේ අග වෙනකොට ජනාධිපති ඡන්දය සඳහා නාමයෝජනා කැඳවන්න ඕනෑ. එක අතකින් සමුපකාර, ප්‍රාදේශීය සභා ඡන්ද කර කර ඉන්නවාට වඩා ඉහළින් දෙන එක හොඳයි. අපි ඒකට ලැහැස්ති වෙන්න ඕනෑ. මාධ්‍ය බලය, රාජ්‍ය බලය, උපයෝගී කරගෙන ආර්ථිකය තිබුණාට වඩා හොඳයි කියන මතයක් ගොඩනඟමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය උපයෝගී කරගෙන රාජ්‍ය නිලධාරීන් හමුවීමට යනවා මිස, මහජනතාව ආමන්ත්‍රණය කර නැහැ. ව්‍යවස්ථාවේ බලය උපයෝගී කරගෙන ඔහු කියන්නේ මේ වෙලාවේ රට බේරා ගන්න හැමෝම එකතු වෙන්න ඕනෑ බව. ස්වභාවික ව්‍යසනයකින් රට කඩා වැටුණා නම්, අපි ඔක්කෝම එකතු වෙන්න ඕනෑ. නමුත් මේ දක්වා රට පාලනය කළ, කණ්ඩායම් විසින් ඇති කළ තත්වයක් තියෙන්නේ. එහෙම නම් ජනතාව ඔක්කෝම එකට එකතු වෙන්න ඕනෑ, මේ පාලකයන් පළවා හරින්න. රජයේ විගණකාධිපතිවරයා මෑතදී ඉදිරිපත් කළ වාර්තාවකින් හෙළි කර තිබෙන්නේ ආණ්ඩුව රුපියල් ට්‍රිලියන අටක ව්‍යාපෘති ණය අරගෙන තිබුණත් ව්‍යාපෘති ඉදිකර තිබෙන්නේ රුපියල් ටි්‍රලියන දෙකක පමණක් බවයි. මේ වාර්තාව අනුව 2015 සිට 75%ක් ගහලා තිබෙන බව පැහැදිලියි. දැන් අපිට කියනවා රට හදන්න ඒගොල්ලෝ එක්ක එකතු වෙන්න කියලා. ජනතාව එක්ක එකතු වී ඔවුන් පළවා හැර, හොරකම් කළ ධනය පවරා ගැනීම හැර වෙන උත්තරයක් නැහැ.

රට හොඳ අතට ගෙන ඇති බව කීවත් පසුගිය ජනවාරි මාසයට වඩා මේ වන විට හොඳවී තිබෙනවාද? 2022 මුල් කාර්තුවේ ආර්ථික වර්ධන වේගය ඍණ 0.5%යි. නමුත් මේ අවුරුද්දේ ඒක ඍණ 11.5%යි. ආසියානු කලාපයේ කිසිම රටක මේ මට්ටමට වැටී නැහැ. ගෑස්, තෙල් තිබෙන බව කීවත් ආර්ථිකය කඩා වැටිලා. ගිය අවුරුද්දේ මුල් මාස හතරේ අයවැය හිඟය රුපියල් බිලියන 524යි. මේ අවුරුද්දේ මුල් මාස හතරේ ඉඳලා රුපියල් බිලියන 824යි. ගිය අවුරුද්දේ මුල් කාර්තුවේ අපනයන ආදායමට වඩා මේ අවුරුද්දේ අපනයන ආදායම 13%කින් අඩුයි. ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ පළමු කාර්තුවේ කාර්මික නිෂ්පාදන 23%කින් කඩාගෙන වැටිලා. රනිල් කියනවා ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ ආර්ථිකය හොඳයි කියලා. ෆැක්ටරි වැහෙන කොට ආර්ථිකය නැගලා යනවා කියන්නේ ඒක මරු ආර්ථියක්නේ. ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේ 12දා ඉඳලා මේ දක්වා අපි විදේශ ණය ගෙවීම නතර කර තිබෙනවා. ඩොලර් කෝටි 600ක් නොගෙවා මේ අවුරුද්දේ තෙල්, ගෑස් තිබෙනවා. එදා අපිට තෙල් නැහැ. අද අපිට පෙට්‍රල් ෂෙඩ් නැහැ. අද ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයත් අපට අයිති නැහැ. එදා අපිට විදුලිය නැහැ. තව ටික දවසකින් අපිට බලාගාර ටික නැතිවෙනවා. විදුලිය නැති එකට වඩා බලාගාර නැතිවෙන එක භයානකයි. තෙල් නැතිවෙනවාට වඩා අපේ ෂෙඩ් ටික නැතිවෙන එක භයානකයි. එදාට වඩා තත්වය භයානකයි. රටේ තිබෙන සම්පත් ටික කඩිමුඩියේ විකුණා දැමීමයි රනිල්ගේ සැලැස්ම.

රනිල් වික්‍රමසිංහ දැන් අත තියන්න යන්නේ නිදහස් අධ්‍යාපනයට. විශ්වවිද්‍යාලවල සෑම අධ්‍යයන අංශයයකම ආචාර්යවරුන්ගේ හිඟයක් තිබෙනවා. විශ්වවිද්‍යාලවල පාඨමාලා විකුණලා තමන්ම සල්ලි සොයාගෙන විශ්වවිද්‍යාල පවත්වාගෙන යන්න බලකෙරෙන තත්වයේ සැලසුම් තමයි රනිල්ට තිබෙන්නේ. දුප්පත් පවුල්වල දරුවන්ට ඉදිරියට යන්න තිබුණු එකම අවස්ථාව නිදහස් අධ්‍යාපනය පවා අහිමි කරමින් යනවා. දැන් රජයේ රෝහල්වල සෞඛ්‍ය පහසුකම් සීමාකරමින් දැනටත් රෝහල්වල තිබෙන වාට්ටු කොටසක් ගෙවන වාට්ටු බවට පරිවර්තනය කරන්න යනවා. අන්තිමේදී නිදහස් සෞඛ්‍යය අහිමි වී රජයේ ඒ රෝහල්වලම ගෙවන වාට්ටුවල නවතින අයට සෞඛ්‍ය සේවය ලබාදීමේ අවස්ථාව හදනවා. මේ වන විට ලාභ ලබන ටෙලිකොම් විකුණා දමන්න යන්නේ පිටරටින් එන ඩොලර් ටිකක් ගන්න බලාගෙන. පෙට්‍රල් ෂෙඩ් විකුණන්නෙත් එහෙම. මේ ආයතනවල ලාභය ඩොලර් බවට පරිවර්තනය කර, විදේශයන්ට ගෙනයනවා. රක්ෂණ සංස්ථාව විකුණන්නෙත් ඒ ආකාරයටමයි. ආයෝජන ලැබීම්වලට අපි විරුද්ධ නැහැ. නමුත් මේ කරන්නේ පවතින සම්පත් විකුණා දැමීමයි. අන්තිමේදී මේ රටේ රුපියල්වලින් ලබන ලාභය ඩොලර්වලට පරිවර්තනය කර, අදාළ විදේශ සමාගම් තමන්ගේ මව් රටට අරගෙන යනවා. විදුලි බල මණ්ඩලයට වෙන්නේත් මේ වැඩෙයි. ඉන්දියාවේ අදානිලා ගෙන්වා ගන්නේ අපේ රටට සුළං බලාගාරවලින් විදුලිය සපයා අධික ලාභයක් සපයාගෙන ඩොලර්වලින් ඉන්දියාවට ගෙන යන්නයි.

මන්නාරම් ද්‍රෝණියේ සුළං විදුලි බලාගාර හදන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් දෙන්න සූදානම් වුණා. නමුත් ඒ ව්‍යාපෘතිය ගත්තේ නැහැ. ඉතාම කුඩා පොලියකට ලැබුණු මේ ණය ලබාගෙන සුළං බලාගාර ඇති නොකර, දැන් අදානිට දෙන්න යන්නේ කොමිස්වලට. එළඹෙන මැතිවරණවලදී මේ විනාශකාරී රනිල් වික්‍රමසිංහගේ ගමන පරාජයට පත්කළ යුතුමයි. ලංකාව සිංගප්පූරුවක් කරනවා කියූ, ජේ.ආර්. ජයවර්ධන මාමා අපේ රටේ සියලු නිෂ්පාදන කර්මාන්ත කඩාදැමීම පටන් ගත්තා. සිංගප්පූරු ආර්ථික ගමන පෙන්වා නැතිකර දැමූ කර්මාන්තවලට නූතන තාක්ෂණය එකතු කර, වැඩිදියුණු කළා නම්, අද අපේ රට කොතන තිබෙයිද? ඒ ගොල්ලන්ට කර ගන්න බැරිව අපේ බලශක්තිය, විදුලිය, අපේ මූල්‍ය වෙළඳපොළ, අපේ ටෙලිකොම් එක, ඉතිරි වී තිබුණා. අද රනිල් කරන්නේ ඒ ටික විකුණා දැමීමයි. මේ ගමන පරාජයට පත්කරන්න ඕනෑ. යුද්ධ ආවත්, වසංගත ආවත්, ලෝකයේ මූල්‍ය අර්බුද ආවත් කඩා වැටෙන්නේ නැති රටවල් ටිකක් තිබෙනවා. ඉන්දියාව, චීනය, දකුණු කොරියාව, මැලේසියාව, වියට්නාමය, වගේ රටවල් වැටෙන්නේ නැහැ. ඉන්දියාවේ ඉලක්කය නිදහස ලැබිලා අවුරුදු සියයක් වෙනකොට ලෝකයේ පළමුවෙනි ආර්ථිකය බවට පත්වීම. රනිල් වික්‍රමසිංහ බලාපොරොත්තු වෙන්නේ නිදහස ලැබිලා අවුරුදු සියය වන විට යාන්තම් කන්න බොන්න තිබෙන රටක් හදන්න. ඉන්දියාවේ රට පොහොසත්, ජනතාව දුප්පත්. ඒ ආර්ථික ක්‍රමය ගැන අපට ප්‍රශ්නයක් තිබෙනවා. ඒත් නිෂ්පාදනය කඩා වට්ටලා ආර්ථිකය දියුණු කළ රටක් ලෝකයේ නැහැ.

රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ගමන විකුණා කීයක් හරි අරගෙන ජීවත් වීමයි. ණය ගෙන ජීවත් වීමයි. අපේ ආර්ථික ගමන භාණ්ඩා හා සේවා නිෂ්පාදනය දිරිගන්වන ආර්ථික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමයි. ලංකාවේ පොල් කර්මාන්තකරුවන් මෑතකදී අපට කීවේ ඩොලර් බිලියනය ඉක්මවන පොල් අපනයන කර්මාන්තයක් ගොඩනැගිය හැකි බවයි. කොහුබත්වලින් විතරක් ඩොලර් මිලියන 400ක පමණ ආදායම් උපයන්න පුළුවන්. දැන් තිබෙන වගාවන්ගේ ඵලදායිතාවය වැඩිකරන සැලසුම් ක්‍රියාත්මක කරන්න ඕනෑ. ඒ තුළින් ඩොලර් උත්පාදනය කර, නව රැකියා අවස්ථා ලබාදීමේ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කළ හැකියි. මැණික් පිළිස්සීමේ තාක්ෂණය, මැණික් කැපීමේ තාක්ෂණය අනෙක් රටවලට වඩා අපට ඉහළින්ම තිබෙන බව අපේ රටේ මැණික් ව්‍යාපාරිකයන් විසින් පෙන්වා දී තිබෙනවා. දැන් ලෝකයේ මැණික් වෙළඳපොළ ඩුබායිවලට කේන්ද්‍රගත වෙන්න යනවා. ඒ රටේ මැණික් නැහැ. නමුත් අපේ රටේ මැණික් තාක්ෂණය, මැණික් ව්‍යාපාරිකයන්, මැණික් ශ්‍රම වෙළඳපොළක් තිබියෙදී ලෝකයේ මැණික් කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත්කරගෙන නැහැ. නමුත් අපට එය කළ හැකියි.

ලංකාවට තිබුණු ලෝක වෙළඳපොළේ තේ සන්නාමය අපට අහිමි කර දැම්මා. දැන් ඒකත් ඩුබායිවලට ගිහිල්ලා. අපේ පාලකයන්ට කිසි දැක්මක් තිබුණේ නැහැ. ඔහේ තේ කර්මාන්තය යන්න ඇරියා. විශේෂයෙන් විල්මා ආයතනයට අපි ස්තුතිවන්ත වෙනවා. ඕස්ටේ්‍රලියාව, මැලේසියාව, දකුණු අප්‍රිකාව වගේ රටවල්වල විල්මා තේ නිෂ්පාදන ඉහළින්ම පිළිගන්නවා. අපේ තේ නිෂ්පාදනවලින් 72%ක් බල්ක් හැටියට ඩුබායිවලට යවනවා. ඔවුන් වෙන වෙනම ඇසුරුම් කර, ප්‍රති අපනයන කරනවා. අපේ තේවල වටිනාකම්වලින් වෙන අය ධනය උත්පාදනය කරනවා. ඊට අමතරව සංචාරක කර්මාන්තය, නාවුක කර්මාන්තය, අයි.ටී. කර්මාන්තය, දියුණු කර ඩොලර් බිලියන ගණන් උපයන්න පුළුවන්. අපේ රටේ එළවළු නිෂ්පාදනයත් ලෝකයට අපනයනය කළ හැකි වුණොත් විදේශිකයන් ඉලක්ක කරගෙන ගුණාත්මකභාවයෙන්, ඇසුරුම්කරණය, ගබඩාකරණය, සහ අඛණ්ඩතාවයෙන් යුතුව නිෂ්පාදනය කරන අපනයන ගම්මාන ඇති කළ යුතුයි. මෙවැනි ආකාරයට අපට ලෝක වෙළඳපොළේ පංගුවක් අත්පත්කර ගත හැකියි.

අපේ රටේ වර්ග කිලෝමීටර් හැටපන්දහස් තුන්සිය දහයක් තිබුණත් නෙදර්ලන්තයට තිබෙන්නේ වර්ග කිලෝමීටර් හතළිස් තුන්දහසක් පමණයි. අපේ රටේ වර්ග කිලෝමීටරයක 343ක් ජීවත් වෙන අතර නෙදර්ලන්තයේ 510ක් ජීවත් වෙනවා. නමුත් ඔවුන් ලෝකයේ කෘෂි අපනයනවලින් දෙවැනි තැන ලබාගෙන තිබෙනවා. එළවළු, පලතුරු, මල් අපනයනවලින් ඔවුන් දෙවන තැනට ඇවිත් තිබෙන්නේ නව තාක්ෂණය යොදා ගැනීමෙන්. මහ පොළොවේ ඉතාම සැලසුම් කළ කාර්යක්ෂමතාවයක් ලබාගැනීමෙන් ඒ තත්වයට පත්වී තිබෙනවා. විකිණීම, ණය ගැනීම වෙනුවට නව නිෂ්පාදන කර්මාන්ත හඳුන්වාදෙන ඉදිරියට යන ආර්ථික සැලැස්මක් සහිතවයි ජාතික ජන බලවේගය ක්‍රියාකරමින් ඉන්නේ. ඒ වෙනුවෙන් බලය ගන්න ඕනෑ. එක්සත් ජාතික පක්ෂයේ 17 වසරක සාපයට විරුද්ධව ඇඹිලිපිටිය පාසලේ අතුරුදහන් කළ දරුවන්ගේ ඇටසැකිලි සූරියකන්දෙන් ගොඩගැනීම වෙනුවෙන් මුල් පෙළේ ක්‍රියාකාරිත්වයක් පවිත්‍රා දැරුවා. අද ඇය රනිල් වික්‍රමසිංහගේ කැබිනට් ඇමතිවරියක්. 2015 ජනාධිපතිවරණයේදී රැස්වීමකට වෙඩි තබා එක්සත් ජාතික පාක්ෂිකයෙකුගේ මරණය සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර මහාධිකරණය ඉදිරියේ වැරදිකරුවා වුණා. අද ඒ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ජනාධිපති, ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය ඇමති. ජනතාව දෙපැත්තට බෙදී මැරීගෙන වැඩ කළත් මේ පාලකයන් එක පැත්තේ හිඳිමින් ඔවුන්ගේ විශ්වාසවන්තම පුද්ගලයන් හැටියට ක්‍රියාකරනවා. ඒ නිසා ඔබ කවදාවත් ගහගන්න, වෙඩි තියාගන්න යන්න එපා. ඒ ගොල්ලෝ කවදාවත් බෙදිලා හිටියේ නැහැ. ඒගොල්ලෝ කවදාවත් තරහා වෙන්නේ නැහැ. 1993දී චන්ද්‍රිකා කීවේ ඇය බලයට ආ ගමන් හොරුන්ට දඬුවම් දෙනවා කියලා. 2005 මහින්ද කීවෙත් ඒක. 2015 රනිල් කීවේත් ඒක. 2019 ගෝඨාභය කීවෙත් ඒක. ගෝඨාභය කීවේ පාස්කු ප්‍රහාරකයන්ට දඬුවම් කරන්න, විකුණු හම්බන්තොට වරාය නැවත පවරා ගන්න, මහ බැංකුව මංකොල්ලකෑව හොරුන්ට දඬුවම් දෙන්න රනිල් ගෙදර යවා ගෝඨාභයට බලය දෙන්න කීවා. දැන් ගෝඨාභය ගෙදර ගිහින් රනිල් වාඩිවී ඉන්නවා. ඒගොල්ලෝ කවදාවත් බෙදුණු අය නොවෙයි. ඒගොල්ලෝ බෙදෙන්නෙත් නැහැ, දඬුවම් දෙන්නේත් නැහැ. ඉදිරියටත් එහෙම තමයි.

පකිස්ථානයේ නවාස් ෂෙරීෆ් අගමැතිවරයා දූෂණ චෝදනා මත අවුරුදු දහයකට හිරේ ගියා. මාලදිවයිනේ අබ්දුල්ලා යමීන් ජනාධිපතිවරයා දූෂණ චෝදනා මත අවුරුදු එකොළහකට හිරේ ගියා. මැලේසියාවේ අගමැති රසාක් දූෂණ චෝදනා මත අවුරුදු දොළහකට හිරේ ගියා. බංගලාදේශයේ කලීඩා ෂියා දූෂණ චෝදනා මත අවුරුදු හතකට හිරේ ගියා. තමිල්නාඩුවේ මහ ඇමති ජයලලිත් දූෂණ චෝදනා මත හිරේ ගියා. ලංකාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්වත් දූෂණ චෝදනා මත හිරේ ගියේ නැහැ. දෙගොල්ලෝ දෙගොල්ලන්වම ආරක්ෂා කරනවා. උඩ ඉන්න ප්‍රභූ, දූෂිත, ත්‍රාඩ වළල්ලට විරුද්ධව මේ රටේ පොදු ජනතාවගේ බලයක් ගොඩනැගිය යුතුයි. ජාතික ජන බලවේගය ගොඩනගන්නේ ඒකටයි. පාර්ලිමේන්තුවේදී කිරිඇල්ල මන්ත්‍රීවරයා පළාත් පාලන ඡන්දය ඉල්ලනකොට විජේදාස රාජපක්ෂ ඇමතිවරයා නැගිටලා කීවේ රෑට ඡන්දය එපා කියලා, දවාලට ඡන්දය ඉල්ලන බවයි. රනිල් වික්‍රමසිංහත් පාර්ලිමේන්තුවේදී නැගිටලා ස.ජ.බ.ය ඡන්දය කල් දමන්න එකඟ වූ බව කීවා. ඔවුන්ගේ දූෂිත කණ්ඩායම අතේ හැමදාමත් බලය තියා ගන්න ඔවුන් කැමතියි. ඔවුන් උඩ එකට ඉඳිද්දී අපි හැමදාමත් බෙදිලා හිටියේ. අපි ඇතිවෙනකම් බෙදිලා හිටියත් ඔවුන් කවදාවත් බෙදිලා හිටියේ නැහැ. ඔවුන් ධනය ඒකරාශී කරගෙන පොහොසත් වුණා. අපි දුප්පත් වුණා. රටත් දුප්පත් වුණා. එහෙම නම් එක වතාවක් හරි පහළ පංතියේ අපි එකතු වෙන්න ඕනෑ නැද්ද? මේ රට විනාශයෙන් විනාශයට ගෙන යන කණ්ඩායමට විරුද්ධව පොදු ජනතාව හැටියට අපි එක වතාවක් ඒකරාශී වෙමු. ජාතික ජන බලවේගය වටා එකතුවී මේ වැඩේ මේ පාර කරන්න ඕනෑ.

අපි කිසිවෙක් මේ වේදිකාවට ගොඩවී සිටින්නේ අපිට පුද්ගලිකව කිසිවක් ලබාගැනීමට නොවෙයි. මේ රටේ විශාලම මැණික් සම්පත මේ රට ගොඩනැගීමට යොදා ගැනීම අපේ අපේක්ෂාවයි. මැණික් ව්‍යාපාරිකයන් හමුවූ වෙලාවේදී අපේ පාලනයේ අරමුණ මේ සම්පත් යොදාගෙන රට ගොඩනැගීම මිස මැණික් පතල් කැපීමට සහභාගී නොවීම බව මම අවධාරණය කළා. මේ රටේ කුඩා තේ වතු සහ තේ කර්මාන්ත ශාලා නිසි පරිදි රටේ සංවර්ධනයට යොදාගැනීම අපේ අරමුණ මිස අපි තේ කර්මාන්ත ශාලා දැමීමට නොඑන බව අපි ඒ අයට පැහැදිලි කළා. අපි හදන සංචාරක සැලැස්ම අනුව සංචාරක කර්මාන්තය දියුණු කරන්න අපි ඒ අයට ආරාධනා කරනවා. හෝටල් දාන්න හෝ බස් දාන්න අපි එන්නේ නැහැ. අපිට තිබෙන්නේ රට දුප්පත් වී, ජනතාව දුප්පත් වී තිබෙන තත්වයෙන් මේ රට පොහොසත් රටක් බවට පත්කිරීමේ අරමුණයි. ඒ අපේක්ෂාව වෙනුවෙන් අපි මේ දේශපාලන පරිවර්තනය කරමු. ඒ වෙනුවෙන් හැමදෙනාම පෙරට එන ලෙස ආරාධනා කරනවා යැයි මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසිය.

Post Views: 6
Previous Post

ස්වාධින වු මන්ත්‍රීවරුන් සන්ධානය තවම ස්ථිර නෑ – අනුර

Next Post

2024 වසරේදී පහළොස් වන ජන හා නිවාස සංගණනය පැවැත්වීමටත් සැලසුම්

editor

editor

Next Post

2024 වසරේදී පහළොස් වන ජන හා නිවාස සංගණනය පැවැත්වීමටත් සැලසුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved