27 April 2024
#දේශීය

ස්වාධින වු මන්ත්‍රීවරුන් සන්ධානය තවම ස්ථිර නෑ – අනුර

පාර්ලිමේන්තුවේ ස්වාධින වු මන්ත්‍රී කණ්ඩායම පසුගියදා සන්ධානය පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය කල විමසිමකදී ඔහු පවසා සිටියේ මේ වන විට ආණ්ඩුවෙන් ඉවත් වු මන්ත්‍රීවරුන් සමඟ යම් යම් සාකච්ඡා සිදු කරන බවයි.

කෙසේ වෙතත් මෙම සන්ධානය සඳහා කාර්යාලයක් රාජගිරිය ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අතර එය සුගිස්වර බණ්ඩාර හා සිරිපාල අමරසිංහ විසින් එය විවෘත කර ඇති බව වාර්තා වේ.

මේ සන්ධානය සඳහා නිමල් ලාන්සා ප්‍රමුඛත්වය ගෙන ඇති අතර එයට සුසිල් ප්‍රේම්ජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න මන්ත්‍රීවරුන් එක්වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *