• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අභිනව පදවිවලින් පිදුම් ලද පූජ්‍ය මහරගම නන්ද නාහිමිපාණන් වහන්සේට ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනපති සහභාගීත්වයෙන්

30 March 2024
in දේශීය, පුවත්
අභිනව පදවිවලින් පිදුම් ලද පූජ්‍ය මහරගම නන්ද නාහිමිපාණන් වහන්සේට ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනපති සහභාගීත්වයෙන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොල්ලුපිටිය, වාළුකාරාම මහා විහාරය ඇතුළු පංචමහා විහාරාධිපති පූජ්‍ය මහරගම නන්ද නාහිමිපාණන් වහන්සේට ස්‍යාමෝපාලිවංශික මහානිකායේ ශ්‍රි කල්‍යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ රත්මලාන විහාර පාර්ශ්වයේ උතුම් උපාධ්‍යාය පදවිය හා කොළඹ දිසාව සහිත ඌව පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ.

ඒ, ඊයේ (29) මහරගම, නාවින්න ඉසිපතනාරාම විහාරස්ථානයේ දීය.

උගත් වියත් මහා යථිවරයාණන් වහන්සේ නමක් වන පූජ්‍ය මහරගම නන්ද ස්වාමීන් වහන්සේ ඉටුකරන ශාසනික සහ සමාජයීය මෙහෙවර අගයමින් මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රි කල්‍යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ රත්මලාන විහාර පාර්ශ්වය විසින් මෙම අභිනව ධූරය උන්වහන්සේ වෙත පිරිනමා තිබේ.

ඊට අදාළ සන්නස් පත්‍ර පිළින්වීම සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමිපාණන් වහන්සේ විසින් සිදු කළ අතර, විජිණිපත පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනුනායක, ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමිපාණන් වහන්සේ පුණ්‍යෝත්සවයේ දී විශේෂ අනුශාසනාවක් සිදු කළහ.

මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි අනුනායක හිමිපාණන් වහන්සේ, මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරි, ඓතිහාසික සෝමාවති චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල ස්වාමින් වහන්සේ, මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ මහානායක පුජ්‍ය මල්වානේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ, උඩරට අමරපුර මහනිකායේ වැඩබලන මහානායක පූජ්‍ය නිකපොත චන්දජොති මහනාහිමිපාණන් වහන්සේ, රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙන් කෘත්‍යාධිකාරි මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ආචාර්ය පූජ්‍ය මාඉටිපේ විමලසාර හිමිපාණන් වහන්සේ, පූජ්‍ය උඩවෙල කෝලිත හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා නායක, අනුනායක හිමිවරුන් ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩික්සන් ජේ. පෙරේරා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන් සහ දායක සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 9,550
Previous Post

මහ මැතිවරණයකට වඩා මේ මොහොතේ ජනාධිපතිවරණයක් සුදුසුයි – ඇමැති ප්‍රසන්න

Next Post

ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු වනු දැකීම අපේක්ෂාවයි – ජනපති

editor ttvnews

editor ttvnews

Next Post
ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු වනු දැකීම අපේක්ෂාවයි – ජනපති

ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු වනු දැකීම අපේක්ෂාවයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved