• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇඳිරි නිතීය දිර්ඝ කරයි – රජය දැනුම් දෙයි 

11 April 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩලීමට සඳහා ඇඳිරි නිතිය තවදුරටත් දිර්ඝ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඒ අනුව රෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය අප්‍රේල් 16 බ්‍රහස්පතින්දා උදේ 6.00 දක්වා දීර්ඝ කෙරේ. මේ දිස්ත්‍රික්කවල උදේ 6.00ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 4.00ට යළි පනවනු ලැබේ. මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදේ 6.00 ට ලිහිල් කොට සවස 4.00ට යළි පනවන බව කළින් නිවේදනය කළද, දැන් එය වෙනස් කර ඇත.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිස ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙනි. එබැවින් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

භාණ්ඩ මිලදී ගැනීම් ඉතාමත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයන්ට පමණක් සීමා කරන ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන් වලින් වළකින ලෙසත් අවධාරණය කෙරේ. අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර වාරිත්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයනට පමණක් සීමා කරන මෙන් රජය තවදුරටත් ඉල්ලා සිටී.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇත.

කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ සහ ධීවර කර්මාන්තයේ නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර ඇත.

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

කවර හෝ දිස්ත්‍රික්කයක හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලැබේ. කවරකුට හෝ මේ ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් වේ.

Post Views: 1
Previous Post

හදිසි ඖෂධ සදහා ටෙන්ඩර් කැඳවිමක් – තොරතුරු SPC වෙබ් අඩවියෙන්

Next Post

ලංකාවේ කොරෝනා ආසාදනය වූවන් 198 යි – සුවය ලැබූූූූූවන් 54 යි

editor

editor

Next Post

ලංකාවේ කොරෝනා ආසාදනය වූවන් 198 යි - සුවය ලැබූූූූූවන් 54 යි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

2 July 2025
ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

2 July 2025
සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

2 July 2025
සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

2 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

2 July 2025
ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

2 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved