නව අමාත්‍ය මණ්ඩලයේ මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර මහතා දිවුරුම්දී එන අතරතුරම ඊයේ (22) දින සිය විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට පැමිණ වැඩ භාරගනු ලැබිණි.
නව ජනාධිපතිවරයාගේ වියදම් සීමාකිරීමේ සංකල්පයට අනුව එම අවස්ථාව ඉතා චාම් අයුරින් පැවැත්වූ අතර අමාත්‍යංශ නිළධාරින්ද මේ සදහා පූර්ව සූදානමක් නොතිබීම විශේෂත්වයකි. මේ සමඟම කොළඹ පිහිටි ඛනිජ තෙල් අමාත්‍යංශය හා සෙත්සිරිපායේ පිහිටි ප්‍රවාහන අමාත්‍යංශයේද වැඩ භාරගනු ලැබිණි.