එක්සත් ජාතික පක්ෂයේ සභාපති හා කැබිනට් අමාත්‍ය කබීර් හෂීම් යටතේ ඇති මඟ නැගුම මාර්ග ඉදිකිරීම යන්ත්‍රෝපකරණ සමාගමේ සභාපති ඉංදික බණ්ඩාර නැමැත්තාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ හලන්ගොඩ නම් කාන්තාවකට හොර පාරෙන් උස්සවීම සමඟ වැඩි වරප්‍රසාද ලබා දීමට ගන්නා උත්සාහයක් වාර්තාවෙයි.
මඟ නැගුම සමාගමේ පිරිස් බල ඇස්මේන්තුව ට යටත්ව නොපවතින තනතුරක් වෙනුවෙන් නව පත් කිරීම සිදුකිරීම ද මෙහි ඇති අනෙක් විහේෂත්වය යි. සභාපතිවරයාගේ පෞද්ගලික සහකර තනතුර විධායක ශ්‍රේණියේ තනතුරක් නොවන අතර, සභාපතිවරයා විසින් මඟනැගුමේ අධ්යක්ෂ මණ්ඩලය මඟින් මෙම කාන්තාව දරණ තනතුර විධායක ශ්‍රේණියේ තනතුරක් බවට පත් කිරීම වෙනුවෙන් අනුමැතිය ද ලබා ගෙන තිබේ.
දැනට බඳවා ගැනීමේ පටිපාටියට අනුව JM 1-2 වැටුප් තලයෙ පිහිටුවා ඇති මෙම පෞද්ගලික සහකාර තනතුර MM-1-1 (විධායක ශ්‍රේණියේ) වැටුප් තලයේ පිහිටුවීම නීති විරෝධී වන අතර ම පෞද්ගලික සහකාර තනතුරක් විධායක ශ්‍රේණියේ තනතුරක් බවට පත් කිරීම ද විහිළුවක් බවයි එහි අභ්‍යන්තර සේවකයින් පවසනුයේ.
මඟ නැගුම ඉදිකිරීම සමාගම යනු මේ රටෙ තිබෙන දූෂිතම රාජ්‍ය සමාගම් වලින් ප්රමුඛ තැනක තිබෙන සමාගමකි. එය පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී ගොඩ නැගූවකි. එය වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ, මහා මාර්ග ඇමැතිවරයාගේ සිට මාර්ග සංවර්ධන අධිකාරියේ ලොක්කන්ටත් මඟ නැගුමේ ලොක්කන්ටත් හිතේ හැටියට මුදල් ගසා කෑමේ හැකියාව ලබා දී තිබෙන ආයතනයකි.
මග නැගුමේ ව්‍යාපෘතියේ තවත් සේවකයින් ගණනාවකට ද දූෂණ චෝදනා ඇතැයි ද ඒවා රුපියල් බිලියනය ඉක්මවන වංචා බව ද එම ආයතන තොරතුරු පෙන්වා දෙයි.
මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට එරෙහිව ද කාලාන්තරයක් මුලුල්ලේ චෝදනා එල්ල වී ඇති අතර, මෙම කණ්ඩායම මෙම ආයතනය බංකොළොත් කිරීම වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව සේවකයනෙ නිරන්තරයෙන්ම නඟන මැසිවිල්ලකි.