• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාව මිත්‍රත්වයෙන් එහා ගිය සහෝදර බැඳීමක් තිබෙනවා – සාගල රත්නායක

16 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පසුගිය ඉන්දීය නිල සංචාරය සමඟ ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් වූ බවත් ඉදිරියේ දී දෙරට වඩා පුළුල් සහයෝගයකින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසයි.

ඒ, මහතා මේ බව සඳහන් කළේ ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය වාර්ෂික නඩත්තු සේවා කටයුතු සඳහා ඉන්දියාවට පිටත් කර හැරීම හා ඒ වෙනුවෙන් අනුයුක්ත කරනු ලැබූ ඩෝනියර් සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාරදීම වෙනුවෙන් අද (16) පෙරවරුවේ කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පැවති උත්සවයට එක් වෙමිනි.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය වසර දෙකක කාලයක් සඳහා 2022 අගෝස්තු 15 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට භාර දෙනු ලැබීය.

එම සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය වසරක කාලයක් සක්‍රීය සේවයේ යෙදෙමින් සුවිශේෂී සේවාවක් ඉටු කරනු ලැබූ අතර එම ගුවන් යානයේ වාර්ෂික අනිවාර්ය නඩත්තු සේවා කටයුතු සඳහා ඉන්දියාව වෙත යැවීමට කටයුතු කරන ලදී. එම ගුවන් යානය වෙනුවට අනුප්‍රාප්තික ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය මෙලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ලබා දී තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා ” අපගේ අසල්වැසි සහ මිත්‍ර රටක් වන ඉන්දියාව අපට විශාල ලෙස උපකාර කරනවා. අප දෙරට අතර පවතින්නේ දීර්ඝකාලින බැඳීමක්. ශ්‍රී ලංකාව මුහුණ දුන් පසුගිය ආර්ථික අභියෝගය හමුවේ ඉන්දියාව මිත්‍රත්වයෙන් එහා ගියා සහෝදරත්වයිකින් යුතුව අප වෙනුවෙන් කටයුතු කළා. මෑතකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ඉන්දීය නිල සංචාරය සමඟ එම බැඳිම් තවදුරටත් ශක්තිමත් වූ බව කිවයුතුයි. ඒ අනුව ඉදිරියේ දී දෙරට සමීප සහයෝගයකින් වැඩ කිරීමට තීරණය කර තිබෙනවා. “සබඳතාව” යන්න මෙහි වැදගත්කම කරුණයි. එය පුළුල් අර්ථයක් තිබෙන වචනයක්. එය මාර්ග සබඳතා, ජනතාව අතර සබඳතා, ආර්ථික සබඳතා, සැපයුම් සබඳතා හෝ ආරක්ෂක සබඳතා විය හැකියි. පසුගිය දුෂ්කර කාල පරිච්ඡේදය තුළ අපේ මෙම සමුද්‍රීය මෙහෙයුම් කටයුතු කරගෙන යාමට අත්‍යාවශ්‍යව තිබූ ඉන්ධන ලබාදෙමින් ඇමරිකානු රජය සහ ඕස්ටේලියානු රජය ද අපේ ගුවන් හමුදාවට සහ නාවික හමුදාවට සහාය ලබා දුන්නා. ගුවන් හමුදාවේ බොහෝ යානා අලුත්වැඩියා කිරීමට අවශ්‍යව තිබු හෙයින් එම කාලය තුළ ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරලීම පමණක් නොව ගුවන් හමුදාවේ අවශතාවයන් සපුරාලීම ද මහත් අභියෝගයක් වුණා.
නවීන තාක්ෂණයත් සමඟ අපගේ ගුවන් යානාද එයට සරිලන අන්දමින් නවීකරණය කිරීමට අවශ්‍යව තිබුණත් අපගේ ආර්ථික තත්ත්වය නිසා එය සිදු කිරීම අපහසු කාර්යයක් වුණා.එබැවින් අපට මෙම සහාය ලබාදීම පිළිබඳ මම ඉන්දීය රජයට නැවත වාරයක් ස්තූවන්ත වෙනවා. අපේ සමුද්‍ර මෙහෙයුම් පිළිබඳ අවධානය යොමු කරන විට නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම, අවි ආයුධ ප්‍රවාහනය හා මිනිස් ජාවාරම මැඩපැවැත්වීම වැනි කටයුතුවලදී විශේෂ තැනක් ගන්නවා. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රීයව පිහිටි රටක් ලෙස මෙහිදී අපට විශාල වගකීමක් පැවරී තිබෙනවා. අපට මුහුණදීමට සිදුවන අභියෝග දිනෙන් දින වෙනස් වන නිසා අප අනාගතය දෙස බලමින් කටයුතු කළ යුතුයි. ශ්‍රී ලංකා නාවික හමුදාව ආරම්භ කරන විට අද මුහුණ දෙන අන්දමේ තර්ජනවලට මුහුණ දීමට සිදුව තිබුණේ නැහැ. පසුගිය යුද සමයේ දී ගුවන් හමුදාවට තිබූ වගකීම් මීට වඩා වෙනස්. නව තාක්ෂණය සහ කාලය සමඟ සිදුවන වෙනස්කම් සමඟ අපද ඉදිරියට යා යුතුයි. මෙම නව අභියෝගවලට මුහුණදීම සඳහා අපේ ආරක්ෂක අංශය ද නවීකරණය විය යුතුයි. එම නවීකරණ වැඩපිළිවෙළ ජනාධිපතිතුමා විසින් දැනටමත් ක්‍රියාත්මක කර තිබෙන බව සඳහන් කළයුතුයි. මීට අමතරව වැලි ජාවාරම මැඩලීම වනාන්තර පද්ධතිය ආරක්ෂා කර ගැනීම යන කරුණු පිළිබඳව ද අප අවධානය යොමු කළ යුතුව තිබෙනවා. අපේ රට සූර්ය සහ සුළං බලශක්ති ප්‍රභවයන්ගෙන් අනුන රටක්. අප ඒවා ආරක්ෂා කරගත යුතුයි. එහිදී හමුදාවන්ට ද විශාල වගකීමක් පැවරී තිබෙන බව මම මෙහිදී සිහිපත් කරනවා යැයි සාගල රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න යන මහත්වරු ඇතුළු ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 6
Previous Post

තේ ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය ඉදිරියට ගෙන යාමට නව වැඩපිළිවෙළක් අවශ්‍යයි – ජනපති

Next Post

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක ජනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් වැඩ භාර ගැනේ

editor

editor

Next Post

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක ජනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් වැඩ භාර ගැනේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved