27 April 2024
#දේශීය

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක ජනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් වැඩ භාර ගැනේ

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල මහතා අද (16) වැඩ භාර ගනි.

1968 සැප්තැම්බර් මස 14 වන දින උපත ලද එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල කොළඹ ශාන්ත පීතර් විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය අවසන් කර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කැඩෙට් නිලධාරියෙකු වශයෙන් 19 වන කැඩෙට් පාඨමාලාව සඳහා 1988 මැයි මස 17 ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්විය. දියතලාව සටන් පුහුණු පාසලන් මූලික සටන් පුහුණු පාඨමාලාව අවසන් කර, ඉන් අනතුරුව මූලික පරිපාලන පාඨමාලාව සහ උසස් පරිපාලන පාඨමාලාව ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨය චීනවරායේ දී සම්පූර්ණ කර 1990 මැයි මස 26 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පියාසර නිලධාරියකු වශයෙන් අධිකාරියට පත්වී 2020 අප්‍රේල් 15 වන දින එයාර් වයිස් මාර්ෂල් නිලයට උසස් කරන ලදී.

එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල තම සේවා කාලය තුළ දී දිවයිනේ ක්‍රියාන්විත හා ක්‍රියාන්විත නොවන ප්‍රදේශවල විවිධ රාජකාරින් ඉටු කර ඇති අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ තනතුරුවල රාජකාරි කටයුතු සිදුකරන ලදි. සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජනරාල් ධූරය දැරීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කරන ලදී.

Leave a comment

Your email address will not be published. Required fields are marked *