අර්බුදයක් බවට පත්වූ ඉන්ධන හිඟය හේතුවෙන් ජනතාව පත්වුණු අපහසුතාව අවම කර ගනිමින් හැකි ඉක්මණින් ක්‍රමානුකූලව එම ගැටලුව විසඳීමට පියවර ගනිමින් සිටින බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (29) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්ධන අර්බුදය පිළිබඳව නිවැරදි පුරෝකථනයක් කරගැනීමට හැකි වුයේ නම් මෙම ගැටලුව තුළින් ජනතාව මෙපමණ අපහසුතාවයන්ට මුහුණදීම වැලැක්වීමට හැකියාව පැවතියද එවැනි සාධනීය විසඳුමකට එළඹිමට නොහැකි වීම පිළිබඳව කණගාටු වන බවත් තමා අමාත්‍යධුරයේ වැඩභාර ගැනීමෙන් අනතුරුව ගැටලුව හදුනා ගනිමින් නිවැරදි විසඳුම් කඩිනමින් ලබා දීමට කටයුතු කරමින් සිටින බවයි.
එහිදි අදහස් දැක් වු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා “තෙල් බැදාහැරීම් මේ මොහොත වන විට යම්කිසි ප්‍රමාණයකට සිදු කරනවා. තවත් දවස් තුන හරක් බෙදාහැරීම් කරනවිට මේ තදබදය අඩුවෙලා යනවා. නමුත් අද උදෑසන මාධ්‍යවල කියනවා තෙල් බාලයි කියලා. නමුත් මම වගකීමක් ඇතිව කියන්න කැමති තෙල් සංස්ථාවට තෙල් ගේන ඒවායේ තත්වය පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් කරලයි අපි මේ රටට තෙල් බාන්නේ. මම වගකීමකින් කියනවා කිසිම බාල තෙලක් ලංකාවට ගෙනල්ලත් නෑ , කිසිම බාල තෙල් බෙදාහරින්නෙත් නෑ. අපි පිරිවිතය නැතිව කිසිම තෙල් වර්ගයක් නිකුත් කරන්නේ නෑ. ඒ වගේම මේ තෙල් අර්බුදය විශාල අර්බුදයක්වෙලා පහුගිය දවස්වල තිබුණා. දැන් ක්‍රමක් ක්‍රමයෙන් අවසන් වෙලා යනවා. ඊලඟට අපිට තිබෙන ප්රශ්නය තමයි පිරිපහදුවේ දැවි තෙල් නැති එක. අපි මේ මාසය වන විට ටොන් 40,000 කෲඩ් ඔයිල් නැව් 02 ක් ඇනවුම් කරන්න කටයුතු කරමින් යනවා. එයින් අපිට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. ඒ් වගේම පිටපළාත්වලට තෙල් බෙදා හැරීමේ පොඩි අඩුවක් තිබුණා. තවත් තෙල් බවුසර් 15 – 20 ක් සදුදා ඉඳලා පිටපළාත්වලට තෙල් බෙදාහැරීම්ද සිදු කරනවා. කොළඹ තෙල් බෙදා හරිනවා වගේම රටේ අනෙක් පළාත්වලට ද තෙල් බෙදා හැරීම අපිට තිස් තුන්දහයේ ලොරිවලින් අරිනවාට වඩා පහසුයි රෙල්වේ එකින් යවන එක. එයින් අපිට විශාල තොගයක් එකපාර යැවීමට පුළුවන්කම තිබෙනවා. දැන් මේ මොහොත වන විට අපිට පෙට්ට්‍රල් අවශ්‍ය ප්‍රමාණයේ තිබෙනවා. 31 වනචදා වන විට තවත් නැවක් එනවා. ඒ වගේ නැව් කිහිපයක් දිගටම පැමිණෙනවා. සිංහල අවුරුද්ද වන විට මේ තදබදය සම්පූර්ණයෙන්ම අවසන් කරන්න පුළුවන් වෙනවා. ” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.