27 April 2024
#දේශීය

හරිත ලංකා ජාතික ගෙවතු වගා සංග්‍රාමයට යුද්ධ හමුදාව එක් වෙයි

රජයේ ආයතන පරිශ්‍රවල සහ ඉඩම්වල ගෙවතුවගාව ප්‍රචලිත කිරීම වෙනුවෙන් වූ හරිත ලංකා ජාතික ගෙවතුවගා සංග්‍රාමයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා එක්විය.

එහි ආරම්භ කිරීමේ අවස්ථාව සදහා හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථාන ගොවිපළ පරිශ්‍රයේ දී අද (29) සිදු කෙරිණි.

“තිරසර ලෙස ස්ථාපනය කිරීම – අපේ ගෙවත්තෙන් පටන් ගනිමු” මැයෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩටසහන දිවයින පුරා පිහිටි සියලුම යුද්ධ හමුදා කඳවුරු ආශ්‍රිතව ද ක්‍රියාත්මක කරනු ලැබිණ.

ඊට සමඟාමීව,දියතලාව, පනාගොඩ කන්දකාඩු, කිලිනොච්චි, අක්කරායකුලම්, මුලතිව්, කරන්දෙණිය, වෙල්ලන්කුලම්, ආඩියාපුලියන්කුලම්, තඹුත්තේගම ,මහව, මැණික්ෆාර්ම්, නිරාවිය, කන්කසන්තුරේ යුද්ධ හමුදා ගොවිපළ ආශ්‍රිතවද මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි. එසේම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයක් අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම කඳවුරු සහ පරිශ්‍රයන් ආශ්‍රිතව තුරු මිතුරු නව රටක් ව්‍යාපෘතිය යටතේද මේවන විට කෘෂිවගා ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාත්මක කර ඇත. එසේම වර්මන් රජයේ ප්‍රතිපත්තියට සමඟාමීව කාබනික කෘෂිකර්මාන්තය මෙරට ප්‍රචලිත කිරීමේ වැඩසටහනට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය උපරිම දායකත්වය දෙමින් කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක්ද දිවයින පුරා පිහිටි යුද්ධ හමුදා කඳවුරු ආශ්‍රිතව ක්‍රියාත්මක කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *